ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ හතරවැනි සැකකරු ලෙස නම් කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
හෙට (29) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (28) බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.
මෙම සිද්ධියට අදාලව නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කරන බව අල්ලස් කොමිසම මෝසමක් මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව මෙලෙස නියෝග කර තිබෙනවා.
නාමල් රාජපක්ෂ සැකකරුවකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව අද (28) මහේස්ත්‍රාත් නිල මැදිරියේ දී එලෙස කරුණු වාර්තා කර තිබුණා.
ප්‍රකට ඉන්දියානු දේපළ සංවර්ධන සමාගමක් වන ‘ක්‍රිෂ්’ ආයතනය සම්බන්ධ මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා
මීට අදාළ විමර්ශන සහ අධිකරණ කටයුතු ඉදිරියට සිදුකෙරෙමින් පවතින අතර, අල්ලස් කොමිසම විසින් මීට පෙර අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ද සටහන් කර ගැනුණා.













