අහිංසක මවගේ කදුළු

ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති තරුණියගේ මළ සිරුර ඇගේ සහෝදරයා හඳුනාගෙන තිබේ. කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි අවිවාහක තරුණියක් මෙලෙස ඝාතනය වී තිබුණා. සොයාගත් මළ සිරුර අනුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ඇගේ අනන්‍යතාවය පොලීසිය විසින් සොයාගත්තා. මෙම ඝාතනයට ලක්වු තරුණියගේ සහෝදරයා අද කොළඹ දී මිය ගිය තරුණියගේ සිරුර හඳුනාගත්තා. ඇගේ සහෝදරයා වුයේ කුරුවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ප්‍රභාත් ජයසූරිය නැමැත්තායි.

ඉන් පසුව මාධ්‍යට අදහස් දැක්වු ඝාතනයට ලක්වු තරුණියගේ සහෝදරයා,

“එයා 27 ගියේ සිරිපාදේ යනවා කියලා. මට අන්තිමට කෝල් කරේ 10ට කිට්ටුවෙන්න වගේ. ඊට පස්සේ ෆොන් එක වැඩ කළේ නෑ. ඊයේ දවල් තමා කුරුවිට පොලීසියෙන් ඇවිල්ලා නංගි ගැන, මගේ ගැන විස්තර ඇහුවේ. ඒ තොරතුරු හරහා තමා දැනගන්න ලැබුණේ මෙහෙ බොඩි එකක් හම්බෙලා තියෙනවා, ඒක නංගිගේ කියලා සැකකරනවා කියලා. “

ඒ අනුව අද උදෑසන අදාළ ඝාතනය සිදුකළ බවට සැකකෙරෙන බුත්තල පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයාගේ ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබිය දී බඩල්කුඹුර ප්‍රදේශයේ ඔහුගේ නිවස ආසන්නයේ තිබී සොයා ගත්තේය.සිටියේ 52 හැවිරිදි දෙදරු පියෙකි. මෙලෙස ඝාතනයට ලක් වු තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි දිලිනි නමැති තරුණිය මිය ගිය බවට ඇගේ මව නොදැන සිටි.මෙම තරුණිය මවට පවසා ඇත්තේ සිරිපා වන්දනාවේ යන බවයි. තවද සිය දේශපාලඥ සහෝදරයාටද ඇමතුමක් ලබා දි පවසා ඇත්තේ තමන් තවම සිරිපාදයේ යන බවත් මේ වනවිට සිටින්නේ එරත්නේ බවත්ය. ඇය ඇඟලුම් කම්හලක සේවය කර පසුව කොමියුනිකේෂන් එකක වැඩකරමින් සිට ඇත. එජාපයේ තරුණ සේනාංක හා එක්ව ස්වෙච්ඡා කටයුතුවල නිරතවන ඇය තාප්පවල සිතුවම් ඇඳිමට කැමැත්තක් දැක්වූ තරුණියකි.

ඇගේ නිවසේ ඇය සහ ඥාති කාන්තාවක, සහෝදරයා හා මව සමග ජිවත් වුවාය. ඥාති කාන්තාව අදහස් දක්වමින් අප සමග කියා සිටියේ මෙවැනි දෙයකි.

“අම්මා විතරයි ඉන්නේ තාත්තා නෑ. මරණය ආරංචි වුණේ ටීවි එකෙන්. පස්සේ පොලීසියෙන් ඇවිල්ලා තිබුණා ගෙදරට. අයිය යි එයයි විතරයි ඉන්නේ. ඊට පස්සේ පුතා කොළඹ ගියා. අඳුර ගන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ හිස නෑලු. අපිට එහෙම වෙයි කියලා අපි හිතුවේ නෑ. අම්මා ලෙඩ ගානේ ඉන්නේ. අම්මට කල්පනාවක් එහෙම නෑ. සිරිපාදේ ගිහින් එනකල් අම්මා බලාගෙන ඉන්නේ. අම්මට අපි තාම කිව්වේ නෑ. මම තමයි පොඩි කාලේ ඉදලම දරුවන් දෙන්නාව හදාගත්තේ. තාත්තා නැතිවෙලා අවුරුදු 20ක් වෙනවා. “

මෙලෙස මරණයට ලක්වූ තරුණියගේ පියා මියගොස් තිබේ. ඇගේ මව රෝගීව කාලය ගත කරයි. තරුණිය ඝාතනය වීමට දින කිහිපයකට පෙර පොලිස් පරීක්ෂකවරයාගේ සොහොයුරිය යැයි කියන කාන්තාවක් විසින් තරුණියගේ සොයුරාට මෙම සබඳතාව නැවැත්වීමට කටයුතු කරන ලෙසට බැණ තර්ජනය කර තිබෙන බවද පොලිස් විමර්ශනයේ දී හෙළි වී තිබේ.

අවසානයේ තවත් ඝාතනයක්,තවත් සියදිවි නසාගැනීමක් අතිතයට එක්කල තවත් සිදුවිමක් අවසන් විය. මෙලොව තවත් බිරිදකට සැමියෙක්,ළමුන්ට පියෙක්,මවකට දියණියක්,රටට පුරවැසියන් දෙදෙනෙක් අහිමි විය.

“මගේ ළමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්න. ටික කලක් යනකොට දුක ඇරිලා යයි. ලෝකේ ඇති වෙනවා, පවතිනවා, නැතිවෙනවා, ඒකයි ලෝකේ ධර්මය…“

මේ හා සබැදි පෙර පුවත් – ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

හිස නොමැති කාන්තා මළ සිරුරක් බෑගයේ දමාගෙන ආ සැකකරු (VIDEO)

එස්.අයි කළ වරද ගැන දුක් වෙමින් බිරිඳට තැබූ පණිවිඩය

වේල්ලවීදියේ මරා දැමු තරුණියගේ සොහොයුරා කිවු දුක හිතෙන කතාව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්ත අද මාලිගාවල හැංගිලා - ආනන්ද පාලිත රිදෙන්නම දෙයි
18:31
Video thumbnail
ඇප දුන්නත් බන්ධනාගාර බස් එකටම නගින්න හදන යෝෂිත - "බස් එකේ නෙවෙයි සර්"
00:53
Video thumbnail
ආදායම් ඉලක්කය හඹා යන්න මීට පෙර කිසිම රජයක් සමත්වෙලා නෑ - පිටින් ණය ගන්නේ නැතුව මෙහෙම කළේ
05:39
Video thumbnail
කඩාගෙන වැටෙන්නේ රටේ ආර්ථිකය ද නැත්තම් රනිල්ගේ ආර්ථිකය ද?
03:17
Video thumbnail
2021න් පස්සේ පළමු කාර්තුවේ වැඩිව වර්ධන වේගය මේක - අර්ථික වර්ධනය ගැන අනිල් ජයන්ත කිව්ව දේ
09:21
Video thumbnail
මොරටුවට ගිය නාමල්ට ජනතාවගෙන් ලැබුණ ආදරය - අපේ ලොක්කා - හරි එළකිරි - ආයේ එන්න සර්
02:48
Video thumbnail
ආණ්ඩුවත් උදව් නොකරපු වෙලාවේ දිලිත් අපිට උදව් කරනවා
03:20
Video thumbnail
ආශුව එජාපයෙන් ඉවත්කරයි..?
01:38
Video thumbnail
වත්තල මුළු ගමක් පාරට බහියි..මාලිමා කැබිනට් ඇමතිත් උද්ඝෝෂණයට එයි..මේක මහ විහිළුවක්
04:53
Video thumbnail
යෝෂිත රාජපක්ෂව උසාවියට රැගෙන ආ හැටි
00:35