ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය ඇතුළු සිදු වූ බව කියන ඝාතනයන් සම්බන්ධයෙන් වරදකරුවන් එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්, ඒ වෙනුවෙන් ඔවුන් දිගින් දිගටම හඬ නැගූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔවුන් ඒ සඳහා කිසිඳු අයුරකින් විරුද්ධ නොවූ බවයි විපක්ෂ නයකවරා සඳහන් කළේ.
විස මත්ද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) පාර්ලිමේන්තුවට පැමිණ සිදුකළ විශේෂ ප්‍රකාශයට පසුව, සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවා.
”කවුද එපා කියන්නේ, කවුද ඒවාට විරුද්ධ වෙන්නේ. අපි කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. මේ ජනාධිපතිතුමා කතා කරන්නේ භයානක හීනයක් දැකලා. කිසිම දවසක අපි ඒවාට විරුද්ධ වෙලා නැහැ” යැයි විපක්ෂ නායකවරයා කියා සිටියා.













