spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

ඊයේ කිසියම් පුද්ගලයෙකු හිස නොමැති මළ සිරුරක් ගමන් බෑගයක රදවා කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ දී දමා ගොස් තිබියදී සොයාගන්නා ලදී. එලෙස සොයාගත් කාන්තා මළ සිරුර හංවැල්ල ප්‍රදේශයේ සිට කොළඹ රැගෙන ඇවිත් ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරයි.

මෙලෙස කාන්තා මළ සිරුර කොළඹට රැගෙන ආ බස් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාගෙන් ද පොලිසිය විසින් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මාර්ග අංක 143 හංවැල්ල – කොළඹ බස් රථයක දමාගෙන පුද්ගලයෙකු විසින් හංවැල්ල ප්‍රදේශයේ සිට මෙම සිරුර කොළඹට රැගෙන ඇවිත් ඇති බවටයි තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

තරුණියගේ සිරුර බහාලූ ගමන් බෑගය ඊයේ (01) දහවල් කොළඹ අධිකරණ වෛද්‍යවරයා විසින් පරීක්‍ෂා කර තිබුණි.

එහිදී අධිකරණ  වෛද්‍යවරයා පොලිසීය වෙත නියෝග කර තිබුණේ ඇගේ සිරුර බෑගයෙන් ඉවතට ගෙන පරීක්‍ෂා නොකර එය අද (02) දින පරීක්‍ෂාවට ලක්කරන ලෙසයි.

මෙම විශේෂ නියෝගය නිසා ඝාතනයට ලක් වූ තරුණිය පිළිබඳව නිශ්චිත හඳුනා ගැනීමක් කිරීමට නොහැකි වූ බවද ශ්‍රී ලංකා පොලීසිය පවසා සිටියි.‍

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දීමට පොලිසිය දුරකථන අංක කිහිපයක් මහජනතාව වෙත ලබා දී තිබෙනවා. එම දුරකථන අංක වන්නේ  071 859 15 57  /  011 243 33 33

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව අදාළ මළ සිරුර සහිත බෑගය සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කරන්නේ. අදාල සිසිටිවි දර්ශන ඔස්සේ විමර්ශන සිදුකරයි.

මෙම පුවත සම්බන්ධ පෙර පුවත මෙතනින් – හිස නොමැති කාන්තා මළ සිරුරක් බෑගයේ දමාගෙන ආ සැකකරු (VIDEO)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?