ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

ඊයේ කිසියම් පුද්ගලයෙකු හිස නොමැති මළ සිරුරක් ගමන් බෑගයක රදවා කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ දී දමා ගොස් තිබියදී සොයාගන්නා ලදී. එලෙස සොයාගත් කාන්තා මළ සිරුර හංවැල්ල ප්‍රදේශයේ සිට කොළඹ රැගෙන ඇවිත් ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරයි.

මෙලෙස කාන්තා මළ සිරුර කොළඹට රැගෙන ආ බස් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාගෙන් ද පොලිසිය විසින් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මාර්ග අංක 143 හංවැල්ල – කොළඹ බස් රථයක දමාගෙන පුද්ගලයෙකු විසින් හංවැල්ල ප්‍රදේශයේ සිට මෙම සිරුර කොළඹට රැගෙන ඇවිත් ඇති බවටයි තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

තරුණියගේ සිරුර බහාලූ ගමන් බෑගය ඊයේ (01) දහවල් කොළඹ අධිකරණ වෛද්‍යවරයා විසින් පරීක්‍ෂා කර තිබුණි.

එහිදී අධිකරණ  වෛද්‍යවරයා පොලිසීය වෙත නියෝග කර තිබුණේ ඇගේ සිරුර බෑගයෙන් ඉවතට ගෙන පරීක්‍ෂා නොකර එය අද (02) දින පරීක්‍ෂාවට ලක්කරන ලෙසයි.

මෙම විශේෂ නියෝගය නිසා ඝාතනයට ලක් වූ තරුණිය පිළිබඳව නිශ්චිත හඳුනා ගැනීමක් කිරීමට නොහැකි වූ බවද ශ්‍රී ලංකා පොලීසිය පවසා සිටියි.‍

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දීමට පොලිසිය දුරකථන අංක කිහිපයක් මහජනතාව වෙත ලබා දී තිබෙනවා. එම දුරකථන අංක වන්නේ  071 859 15 57  /  011 243 33 33

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව අදාළ මළ සිරුර සහිත බෑගය සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කරන්නේ. අදාල සිසිටිවි දර්ශන ඔස්සේ විමර්ශන සිදුකරයි.

මෙම පුවත සම්බන්ධ පෙර පුවත මෙතනින් – හිස නොමැති කාන්තා මළ සිරුරක් බෑගයේ දමාගෙන ආ සැකකරු (VIDEO)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57