spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එස්.අයි කළ වරද ගැන දුක් වෙමින් බිරිඳට තැබූ පණිවිඩය

කුරුවිට තරුණිය ඝාතනය කර ගෙල කපා දැමීම සැළසුම්සහගතව කළ දෙයක් නොවන බව සිය දිවි හානි කර ගත් පොලිස් නිලධාරිවරයා සිය අවසන් ලිපියේ සටහන් කර තිබෙනවා. එවැනි දෙයක් සිදු නොවුණා නම් හොඳ බව තමන්ට පසුව හැඟුණ බවයි ඔහු බිරිඳ වෙත ලියා ඇති එම ලිපියේ සටහන් වන්නේ.අම්මාට යනුවෙන් ආමන්ත්‍රණය කරමින් සිය බිරිඳගෙන් සමාවද ඉල්ලා මෙම ලිපිය ලියා තිබුණා.ඝාතනයට ලක් වූ කාන්තාව, බිරිඳට සහ දරුවන්ට බනින්න පටන් ගැනීම නිසා එම සම්බන්ධය නැවත්වීමට යෝජනා කළද ඇය එයට අකමැති වූ බවයි ඔහු ලිපියේ සඳහන් කර ඇත්තේ.

“මම දන්නවා ඔයා ශක්තිවන්ත ගැහැනියක් කියලා. ලෝකේ ගැන නොදැන නෙවෙයි මන් මේකට පැටලුනේ. එත් දැන් ඉතිරි වෙල නෑ කිසි දෙයක්. ඔය හිතින් විඳපු වේදනා මම මගේ ජිවිතෙන්ම විඳිනවා.ඒක මගේ වරද.මම නැති උනාට ඔයාලා බලා ගන්න කෙනෙක් ඇති පොලිසිය ආවොත් ඇත්ත තත්වය කියන්න.”යනුවෙන්ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

තවද මෙම සියදිවි හාණි කරගත් පුද්ගලයා ඝාතනයට ලක් වූ කාන්තාව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වුවද පසුව මෙම කාන්තාවගෙන් ඔහුට කරදර ඇති වුණු බව අදාළ ලිපියේ සඳහන් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

ඔහු ලියු ලිපිය පහතින්,

152331452 189154252999416 7257665948333362654 n 1
152469476 189154196332755 7435246945361878004 n 1

පෙර පුවත් – තරුණිය අවසන් ගමන් යැවු SI අවසන් ගමන් ගිය තැන

මේ හා සබැදි පෙර පුවත් – ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

හිස නොමැති කාන්තා මළ සිරුරක් බෑගයේ දමාගෙන ආ සැකකරු (VIDEO)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?