අවුරුදු 9ක පුංචි දියණියගේ ජිවිතය පියා නිසා අඳුරු වෙයි

ළමා නිවාසයක භාරයේ සිටි දැරියක් එම ස්ථානයේ භාරකාරත්වයට නොදන්වා පිටව යාම සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලක් මත එම දැරිය පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

පසු මේ සම්බන්දව සිදු කළ විමර්ශන මත අනාවරණය වී ඇත්තේ කුඩා කල සිට ඇය පියාගේ අතවරයට ලක්ව ඇති බවත්ය. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසනවා.

මිදිගම පොලිස් වසමේ පිහිටි ළමා නිවාසයක භාරයේ සිටි වයස 15 පමණ වන දැරියක් එම ළමා නිවාසයේ භාරකාරත්වයට හෝ වෙනත් නිලධාරියෙකුට නොදන්වා පසුගිය 20 දින පස්වරුවේදි එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි සඳහන් අනතුරුව ළමා නිවාසයේ පාලිකාව විසින් සිද්ධිය පිළිබඳ මිදිගම පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි

මිදිගම පොලිසියේ නිලධාරී කණ්ඩායමක් ජංගම මුර සංචාර යෙදී සිටියදී අදාල දැරිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මිදිගම පොලිසිය වෙත රැගෙන විත් දැරියගේ ප්‍රකාශ සටහන් කර ඇත. එ අනුව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඇය කුඩා කලදී මව අතහැර දමා ගොස් ඇති බවත් එහිදී පියාගේ රැකවරණය යටතේ සිටියත් දැරිය අවුරුදු නමයක තරමි කුඩා වයසේ සිට වරින් වර තම පියාගේ අතවරයට ලක්ව ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වි ඇති බව පොලිසිය කියයි.

දැරිය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කොට ඇතැයි සදහන්.

එ අනුව දැරියගේ පියා වන වයස 43 සැකකරුට මිදිගම පොලිසිය වෙත පැමිණෙන ලෙස දන්වා තිබිණි. එහිදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් විමර්ශන කටයුතුවලින් පසු කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මිදිගම පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසියේ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
3
+1
11
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00