spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු 9ක පුංචි දියණියගේ ජිවිතය පියා නිසා අඳුරු වෙයි

ළමා නිවාසයක භාරයේ සිටි දැරියක් එම ස්ථානයේ භාරකාරත්වයට නොදන්වා පිටව යාම සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලක් මත එම දැරිය පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

පසු මේ සම්බන්දව සිදු කළ විමර්ශන මත අනාවරණය වී ඇත්තේ කුඩා කල සිට ඇය පියාගේ අතවරයට ලක්ව ඇති බවත්ය. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසනවා.

මිදිගම පොලිස් වසමේ පිහිටි ළමා නිවාසයක භාරයේ සිටි වයස 15 පමණ වන දැරියක් එම ළමා නිවාසයේ භාරකාරත්වයට හෝ වෙනත් නිලධාරියෙකුට නොදන්වා පසුගිය 20 දින පස්වරුවේදි එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි සඳහන් අනතුරුව ළමා නිවාසයේ පාලිකාව විසින් සිද්ධිය පිළිබඳ මිදිගම පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි

මිදිගම පොලිසියේ නිලධාරී කණ්ඩායමක් ජංගම මුර සංචාර යෙදී සිටියදී අදාල දැරිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මිදිගම පොලිසිය වෙත රැගෙන විත් දැරියගේ ප්‍රකාශ සටහන් කර ඇත. එ අනුව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඇය කුඩා කලදී මව අතහැර දමා ගොස් ඇති බවත් එහිදී පියාගේ රැකවරණය යටතේ සිටියත් දැරිය අවුරුදු නමයක තරමි කුඩා වයසේ සිට වරින් වර තම පියාගේ අතවරයට ලක්ව ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වි ඇති බව පොලිසිය කියයි.

දැරිය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කොට ඇතැයි සදහන්.

එ අනුව දැරියගේ පියා වන වයස 43 සැකකරුට මිදිගම පොලිසිය වෙත පැමිණෙන ලෙස දන්වා තිබිණි. එහිදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් විමර්ශන කටයුතුවලින් පසු කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මිදිගම පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසියේ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
3
+1
11
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?