අවස්ථා කිහිපයක දී ම පලා ගිය බාල වයස්කාර දැරිය සොයා ගැනේ

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර සිටියදී පලාගොස් සිටි වයස අවුරුදු 15ක් වන දැරිවිය සහ ඇය සමග සිටි බව කියන පුද්ගලයෙකු ව මාවතගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ; මුන්දලම – අගුණවිල, අක්කර 15 පදිංචි ව සිටි වයස අවුරුදු 15 යි මාස 03 ක් වන දැරිවියක් සහ මාවතගම – පහලගම,පිලැස්ස පදිංචි අවුරුදු 23 ක් වන අයෙකු යි.

මෙම දැරිවිය තම ආච්චී සහ සීයා සමග ජීවත් වී ඇති බවට ද හෙළි ව තිබෙනවා.

ඇය අවස්ථා ගණනාවක දී ම හලාවත, මහව, නිකවැරටිය යන ප්‍රදේශවල පදිංචි තරුණයින් සමග සම්බන්ධතාවයන් ආරම්භ කර ඔවුන් සමග අඹු – සැමියන් ලෙස ජීවත් වී ඇති බව ද පොලීසිය විසින් හෙළි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භාරයට ගෙන ඇති දැරිවිය අධිකරණ නියෝග මත ළමා නිවාසවල රඳවා ද තිබෙනවා.

අවස්ථා කීපයක දී ම ඇය ළමා නිවාසවලින් ද පැන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අවසාන වශයෙන් ඇයව රඳවා තිබී ඇත්තේ කුලියාපිටිය – මීගහකොටුව ප්‍රදේශයේ ළමා නිවාසයක යි.

ඉකුත් සැප්තැම්බර් මස 07 වැනිදා ළමා නිවාසයේ භාරකරුවන් විසින් දැරිවිය ව ඇයගේ ආච්චීට සහ සීයාට භාර දී තිබෙනවා.

ඒ ඔවුන්ගේ ඉල්ලීම අනුව බවයි වාර්තා වන්නේ.

ඉකුත් ඔක්තොම්බර් මස 20 වැනිදා ද දැරිවිය තම භාරකවරුවන්ගෙන් මිදී හලාවත – විල්පත පදිංචි තරුණයෙකු සමග පලා ගොස් කුරුණෑගල ප්‍රදේශයේ ජීවත් වී ඇති බවයි හෙළි ව ඇත්තේ.

දැරිවිය කැඳවාගෙන ගොස් ඇති තරුණයා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිට ඇති අයෙක්.

ඔහු තමන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා දැරිවිය විවිධ පුද්ගලයින්ට අලෙවි කර තිබෙනවා.

එම තත්ත්වය දරා ගැනීමට නොහැකි වූ දැරිවිය කුරුණෑගල ප්‍රදේශයෙන් පලා විත් නැවත මුන්දලම – අගුණවිල පදිංචි තම ආච්චි සහ සීයා සොයා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී ලද තොරතුරක් මත ඉකුත් 10 වෙනිදා දැරිවිය ව තම භාරයට ගැනීමට මුන්දලම පොලීසියේ නිලධාරීන් කටයුතු කර තිබුණු බවයි අප ප්‍රාදේශීයා වාර්තාකරු පැවසුවේ.

පසුව ඇයව කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ සහ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකුගේ ආරක්ෂාව යටතේ පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

ඒ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමටයි.

පොලිස් ආරක්ෂාව යටතේ සිටි දැරිවිය ඉකුත් 13 වෙනිදා සවස 4.00 ට පමණ කිසිවෙකුට නොදන්වා හොර රහසේ ම රෝහලෙන් පලා ගොස් තිබෙනවා.

රෝහලෙන් පලා ගොස් ඇති දැරිවිය සොයා ගැනීම සඳහා මුන්දලම පොලීසිය විසින් අවට පොලිස් ස්ථාන දැනුවත් කෙරුණා.

මේ අතර, මාවතගම පොලීසියට ලද තොරතුක් අනුව පහලගම – පිලැස්ස ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී ඊයේ වැනිදා දැරිවිය සහ තරුණයෙකු ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති දැරිවිය ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා මුන්දලම පොලීසියට භාර දීමටයි නියමිත ව ඇත්තේ.

  1. SAHENA WIKURTHU ASAWAKIN PELENA KENEK. WAYASA 15 WU PAMANIN DARIYA KIYALA KIYANNA EPA MEYATA. MINISSUMA KEE DENEK EKKA DENA DENA INDHALA THIYENAWA DHA. EYA DANNETH NAHEPIRIMI KEEYAKATA REDDA ISSUWADHA, PIRIMI KEE DENEK ANGA UDA NAGGA DHA KIYALA. DAN EYAWA GODA DANNA GODAK AMARUYI. EYAWA YATA KARA GANNA PIRIMIMONA THARAM WADAYAK DUN MULINMA NATH EYATA EKA SANEKIN AMAHTHAKA WELA AYE EYI WADHAYAMA WINDHINNA ASA KARANAWA. EKA MANASIKA LEDAK. EYATA MULINMA MANASIKA PRATHIKARA DENNA. DHARMAYATA HURU KARANNA. ITA PASSE RAKIYAWAK PURUDU KARANNA. DRUGS GANIPU UN EKKA HITIYA NAM ANIWA EWA BALEN HARI PURUDU KARALA ATHHI. REHABILITATE KARANNA. SMAMANA WAYAS PRIRISAK ATHARA REKAWARANAYA TA YATATH WA RAKIYAWAK KARANNA DENNA. SATISFY NAM EYA EKKAMA ATHULE SITI KENEK BANDHALA DENNA.PINA SAHA WASANAWA THIYENAM HONDHIN INDHIYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21