Empty Ad
AFC Banner
Empty Ad

අවදානම් තත්ත්වය ඉවත් වන තුරු මහියංගණය – නුවර මාර්ගය වසා දැමේ

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති ව තිබෙන අවදානම් තත්ත්වය පහව යන තුරු මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය රාත්‍රී කාලයේ දී වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

දසත වාර්තාකරු පැවසුවේ එම මාර්ගයේ ගල් පෙරළීම, කඳු නාය යෑම් අවදානමක් පවතින බවට ඊයේ (20) පස්වරුවේ එහි පර්‍යේෂණ සංචාරයේ නිරත වූ ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානයට නිරීක්ෂණය වී ඇති බවයි.

මේ හේතුවෙන් එම කලාපය රාත්‍රියේ දී කිසිසේත්ම වාහන ධාවනය සඳහා ඉඩ නොදීමට තීරණය කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්‍රකාශ කළා.

අධික වැසි හේතුවෙන් මෙම මාර්ගයේ ගමන් කිරීම අනතුරුදායක බැවින් අදාළ අංශ සමඟ අද පැවති සාකච්ඡාවේ දී මෙම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තෙල්දෙණිය හා උඩුදුම්බර පොලීසිය, මර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණා.

ඒ අනුව අද පස්වරු 06.00 සිට හෙට (22) උදෑසන 06.00 දක්වා මාර්ගය වසා තබන බවත් අවදානම් තත්ත්වය පහව යන තුරු රාත්‍රී කාලයේ දී වාහන ගමනාගමනය අත්හිටුවීම සිදු කරන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
COPE උණුසුම් වෙයි - විදේශ සේවා පැටිකිරි එළියට - කනෙන් දුන් දාන්නම බැණුම් #cope
07:27
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
03:02:56
Video thumbnail
🔴විදේශ සේවා කෝප් කමිටුව උණුසුම් වෙයි - හොඳ හොඳ සෙල්ලම් එළියට එන COPE කමිටු රැස්වීම සජීවීව
02:33:58
Video thumbnail
අද කෝප් කමිටුවේ හොඳම ටික මෙන්න - ජගත් මනුවරණට මේවා දැකලා හොඳටම මල
27:04
Video thumbnail
විදේශ සේවා කෝප් කමිටුව උණුසුම් වෙයි
08:53
Video thumbnail
කෝප් සභාපතිට අද හොඳටම තදවෙයි - මේක ගෙදර කියලා හිතුවද ඔයාලා
03:23
Video thumbnail
ජනපති සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හමුවක්
00:50
Video thumbnail
හත්තිලව්වේ තාම බැරිවුණා පොල් ගෙඩියේ මිල ඉහළ යන එක නවත්තගන්න
00:24
Video thumbnail
නුවන් බෝපගේගෙන් පොලීසියට ලොකු බාල්දියක්
00:54
Video thumbnail
ජනපති දිසාපතිවරුන්ට දුන්නු ඔවදන #anurakumaradissanayake
01:31

?