දකුණු ආසියාවේ විශාලතම බදු වංචාවේ තීන්දුවට ආ පෙත්සම්වලට එරෙහිව මූලික විරෝධතා

දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන රුපියල් බිලියන 3.9ක වැට් බදු වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී බරපතළ වැඩ සහිත වසර 20 බැගින් සිර දඬුවම් නියම වී සිටින ව්‍යාපාරිකයින් තුන්දෙනෙකු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා ගොනු කර තිබෙනවා.

මෙම අභියාචනා පෙත්සම් අද (27) යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න විසින් මෙම මූලික විරෝධතා මතු කළා.

මෙම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා විභාග කළ අභියාචනාධිකරණය විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් දුන් තීන්දුව තහවුරු කරමින් 2023 වසරේ දෙසැම්බර් මස තීන්දුවක් ලබා දී තිබෙන බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම අභියාචනාධිකරණ තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසින් ඉකුත් වසරේ ජූලි මස පෙත්සමක් ඉදිරිපත් කළ අතර එම පෙත්සමේ විභාගය මේ දක්වා අවසන් වී නොමැති බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඒ අනුව මෙම අභියාචනා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකණයට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් තමන් කරුණු දැක්වීමට අපේක්‍ෂා කරන අතර ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

විත්තිකාර අභියාචක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරපෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ ව නව ලේඛන කීපයක් සොයාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට අවශ්‍ය බවත් කියා සිටියා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම අප්‍රේල් මස 01 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළා.

2002 වසරේ නොවැම්බර් මස 15 වනදා සහ 2004 වසරේ නොවැම්බර් මස 15 වනදා අතර කාල සීමා තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයත් විය යුතු රුපියල් බිලියන 3.9ක වැට් බදු මුදල් නොගෙවා වංචා කිරීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු මොහොමඩ් සුභයිර් අවාමි, මොහොමඩ් මවුජූල් අමීර් සහ මොහොමඩ් කාමිල් කුතුබ්දීන් යන විත්තිකරුවන් තුන්දෙනාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20 බැගින් සිර දඬුවම් හා දඩ මුදල් නියම කර තිබුණා.

එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ ඈපෑල පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය එය ප්‍රතික්ෂේප කරමින් අදාළ දඬුවම තහවුරු කිරීමටද තීන්දු කර තිබුණා.

ඒ අනුව කොළඹ මහාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව දී ඇති තීන්දු බලරහිත කොට තමන්ව සියළු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32