අලුත විවාහ වූ යුවළ එකටම අවසන් ගමන් ගිය ඛේදවාචකය

රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ තිරිවානාකැටිය ඉන්ධන පිරවුම්හල අසළ ඊයේ (12) සිදු වූ රිය අනතුරකින් තරුණ අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පූජාවක් සඳහා අසළ පිහිටි දේවාලයකට පැමිණි අඹුසැමි යුවළක් බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය බස් රථයකට ඉස්සර කිරීමට යාමේ දී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අඹුසැමි යුවළ කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මොවුන් ළඟදී විවාහ දිවියට පිවිස ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ තරුණයා හෙට දිනයේ විදෙස් ගතවීමට සිට ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
16
+1
4
+1
8
+1
143
+1
33
+1
10
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?