අල්ලස් ගත් හිටපු පොලිස් නිලධාරියාට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

අල්ලස් චෝදනාවකට වරදකරු කෙරුණු කැබිතිගොල්ලෑව පොලීසියේ හිටපු පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් හා දඩ මුදල් නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

සිරදඬුවමට අමතරව රුපියල් 5000ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් මාසයක ලිහිල් වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවද විනිසුරුවරයා නියෝග කර තිබේ.

එමෙන්ම අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් 20,000 ක මුදල දණ්ඩනයක් වශයෙන් විත්තිකරු ගෙන් කරගන්නා ලෙසත් එම දණ්ඩ මුදල ගෙවීම විත්තිකරු විසින් පැහැර හරිනු ලැබූවොත් අමතරව මාස තුනක ලිහිල් වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

2013 වසරේ මැයි මස 17 වනදා සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින ලලින්ද ජයසේන නමැති සැකකරුවකුට ඇප ලබා දීමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා ඔහුගේ මව ගෙන් රුපියල් 35,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා රුපියල් 20,000/- ක් ලබා ගැනීම සම්බන්ධයෙන් එම විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා හයක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා පහක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවත් ඒ අනුව ඔහු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් තීන්දු කළේය.

එහෙත් රුපියල් 20,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවත් එම චෝදනාවට විත්තිකරු වරදකරු කරන බව  තීන්දු කරමින් විනිසුරුවරයා එම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33