අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහිමි වෙයි ? – වෙදකමෙන් අස්වෙලාත් නෑ !

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයෙකු බවට නිගමනය කරන ‘ක්වෝ වොරන්ටෝ’ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඔහු වෛද්‍ය නිලධාරී තනතුරෙන් ඉල්ලා අස්වීම ලබා නොදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ඉදිරිපත් වී ඇති බවත් රජයේ සේවකයෙකු ලෙස ඔහු එමගින් මැතිවරණ නීතිය පවා උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබෙනවා.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසින් ගොනු කරන ලද එම පෙත්සම අද (17) සෝභිත රාජකරුණා හා මහේන් ගොපල්ලව යන විනිසුරුවරුන් හමුවේ අද කැඳවූ අතර එය කරුණු කිරීමක් සඳහා ලබන ජනවාරි මස 15 වැනිදා කැඳවීමට විනිසුරු මඬුල්ල දින නියම කළා.

රජයේ සේවයෙන් ඉවත් නොවී පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා භාරදීම නීතිවිරෝධී බැවින් වග උත්තරකාර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට තීන්දුකර එම ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඒ පිළිබඳ ව පරීක්ෂා කරන ලෙසට බලධාරීන්ගෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලීමක් කර ඇතත් මේ දක්වා එම ඉල්ලීම් ඉටුකර නොමැති බව ද පෙත්සම්කාර පාර්ශ්වය විසින් පෙන්වාදෙනු ලබමින්; නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරු මඬුල්ල එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන් අතර පෙත්සම් විභාගය ලබන මාර්තු 06 වැනිදා ආරම්භ කිරීමට ද දින නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17