අරගලය මෙතැනින් නැවතිය යුතුද..? සියලු මැති ඇමතිවරුන් උපයා ගත් වත්කම්ද අනාවරණය කළ යුතුය – නීතිය අවනීතිය කළ සියල්ල අත්අඩංගුවට ගත යුතුය

අරගලය කොයිබටද..?
මේ වෙද්දි අරටටම ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
ඒ වගේම ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ගිනි තැබීම්ද රට වටෙන්ම වාර්තා වනවා.
නමුත් එලෙස ඔවුන්ට පහරදී ඔවුන්ගේ නිවෙස් ගිනිබත් කළ පමණින් මෙම අරගලය අවසන් විය යුතුද..?
මේ සමාග කතිකාවකි.
මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනාගේම වත්කම් පිළිබදව රටට හෙළි කළ යුතුය.
ඔවුන් මුදල් උපයා ගත් ආකාරය ප්‍රසිද්ධ කළ යුතුය.
තවද ඔවුන් රටේ මුදල් අවභාවිත කළ ආකරය පිළිබඳව කෙටි කාලයක් තුල විමර්ශනය කළ යුතුය.
මේ වනවිට රට වැටී ඇති තැන ගැන විවාදයක් නැත.
එතැනින් ගොඩ ඒමට අපහසු බවද සියල්ලන්ම දනී..
මෙතැනින් නැගිටීමටනම් පළමුව මේ සියළු කුණු ඉවත් කළ යුතුය.
දේශපාලන බලය භාවිත කරමින් රට බංකොලොත් කිරීමට කටයුතු කළ දේශපාලඥයන් ඇතුළු සියළු නිලධාරීන් පිළිබඳව සොයා ඔවුන්ව අත්අඩංගුවට ගැනීම් කළ යුතුය.
පසුගිය කාලයේදී පොලිස් අත්අංඩංගුවේ සිටියදී මියගිය මධූෂ්ට සිදුවූයේ කුමක්ද..?
රටේ ප්‍රබල දේශපාලඥයන් රැසකගේ තොරතුරු මධූෂ් සතුව පැවති බවට හෙළිවිය.
එසේ තිබියදී ඔහු ඝාතනය වීම පුදුම සහගතය.
ඒ නාටකයද විහිළු සහගතය..?
ඔහු සතු තොරතුරු හෙළිවේයැයි බියෙන් ඔහු ඝාතනය කිරීමට සැලැස්වූ බවද බොහෝ දෙනෙකුගේ මතයයි.
මේ සියල්ලටම සම්බන්ධ පොලිස් නිලධාරීන් ඇතුළු නිලධාරීන් නීතිය හමුවට ගෙන ආ යුතුය.
අරගලය සාර්ථක වන්නේ එවිටය.
ජීවිත අහිමි කළ ඊයේ සිදුවීමට සම්බන්ධ සියළු දෙනා අත්අඩංගුවට ගත යුතුය.
එය වලක්වා ගන්නට කටයුතු නොකළ පොලිස් නිලධාරීන්ටද නීතිය වහාම ක්‍රියාත්මක කළ යුතුය.
ආධාරකරුවන් ගැටුමක් දක්වා ගෙන යාමට ඉඩ සැලැස්වූ ඔවුන්ව පෙළඹවූ සියලු දෙනාද නීතිය හමුවට ගෙන ආ යුතුය.
මේ රට නැවතත් ගොඩනැගීමටනම් නැවතත් අපේ මව් රටට මෙවැනි විනාශයක් සිදුනොකරන තැනට නීතිය සවිමත් කළ යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12