අරගලය මෙතැනින් නැවතිය යුතුද..? සියලු මැති ඇමතිවරුන් උපයා ගත් වත්කම්ද අනාවරණය කළ යුතුය – නීතිය අවනීතිය කළ සියල්ල අත්අඩංගුවට ගත යුතුය

අරගලය කොයිබටද..?
මේ වෙද්දි අරටටම ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
ඒ වගේම ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ගිනි තැබීම්ද රට වටෙන්ම වාර්තා වනවා.
නමුත් එලෙස ඔවුන්ට පහරදී ඔවුන්ගේ නිවෙස් ගිනිබත් කළ පමණින් මෙම අරගලය අවසන් විය යුතුද..?
මේ සමාග කතිකාවකි.
මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනාගේම වත්කම් පිළිබදව රටට හෙළි කළ යුතුය.
ඔවුන් මුදල් උපයා ගත් ආකාරය ප්‍රසිද්ධ කළ යුතුය.
තවද ඔවුන් රටේ මුදල් අවභාවිත කළ ආකරය පිළිබඳව කෙටි කාලයක් තුල විමර්ශනය කළ යුතුය.
මේ වනවිට රට වැටී ඇති තැන ගැන විවාදයක් නැත.
එතැනින් ගොඩ ඒමට අපහසු බවද සියල්ලන්ම දනී..
මෙතැනින් නැගිටීමටනම් පළමුව මේ සියළු කුණු ඉවත් කළ යුතුය.
දේශපාලන බලය භාවිත කරමින් රට බංකොලොත් කිරීමට කටයුතු කළ දේශපාලඥයන් ඇතුළු සියළු නිලධාරීන් පිළිබඳව සොයා ඔවුන්ව අත්අඩංගුවට ගැනීම් කළ යුතුය.
පසුගිය කාලයේදී පොලිස් අත්අංඩංගුවේ සිටියදී මියගිය මධූෂ්ට සිදුවූයේ කුමක්ද..?
රටේ ප්‍රබල දේශපාලඥයන් රැසකගේ තොරතුරු මධූෂ් සතුව පැවති බවට හෙළිවිය.
එසේ තිබියදී ඔහු ඝාතනය වීම පුදුම සහගතය.
ඒ නාටකයද විහිළු සහගතය..?
ඔහු සතු තොරතුරු හෙළිවේයැයි බියෙන් ඔහු ඝාතනය කිරීමට සැලැස්වූ බවද බොහෝ දෙනෙකුගේ මතයයි.
මේ සියල්ලටම සම්බන්ධ පොලිස් නිලධාරීන් ඇතුළු නිලධාරීන් නීතිය හමුවට ගෙන ආ යුතුය.
අරගලය සාර්ථක වන්නේ එවිටය.
ජීවිත අහිමි කළ ඊයේ සිදුවීමට සම්බන්ධ සියළු දෙනා අත්අඩංගුවට ගත යුතුය.
එය වලක්වා ගන්නට කටයුතු නොකළ පොලිස් නිලධාරීන්ටද නීතිය වහාම ක්‍රියාත්මක කළ යුතුය.
ආධාරකරුවන් ගැටුමක් දක්වා ගෙන යාමට ඉඩ සැලැස්වූ ඔවුන්ව පෙළඹවූ සියලු දෙනාද නීතිය හමුවට ගෙන ආ යුතුය.
මේ රට නැවතත් ගොඩනැගීමටනම් නැවතත් අපේ මව් රටට මෙවැනි විනාශයක් සිදුනොකරන තැනට නීතිය සවිමත් කළ යුතුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමව්පියොයි, කෝච්ලයි එකතුවෙලා පිට්ටනියේ හිටිය ළමයිට ගුටි පූජාවක් දීලා..රෝහලට ගෙනියද්දි උණුසුම්
02:17
Video thumbnail
අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - අත් කහ වෙනකල් වැඩ කරලා එවන ඩොලර් මේ
06:21
Video thumbnail
ජනපති ඉදිරියේම ඉල්ලා අස්වීමට හේතුව කිව්ව කපිල.."මම කැමති වුණේ නෑ කාටවත් මඩ ගහන්න ආයුධ දෙන්න"
04:11
Video thumbnail
ඉල්ලා අස්වුණු ලේකම් කපිල පෙරේරාට බිමල් දුන්න තෑග්ග.. ආචාර කරලා තෑග්ග ගත්ත හැටි
00:46
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
00:59
Video thumbnail
දායකයොත් එපා කියද්දිම පන්සලේ හාමුදුරුවෝ කරපු වැඩේ..අවුකන පිළිමයට පමණක් දෙවෙනි වූ ශෛලමය පිළිමය
09:23
Video thumbnail
ගම්බිම් බලා යාමට විශාල ජන ගඟක් මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇදෙයි..දිගු පෝළිම්වල ඉන්න හැටි
02:05
Video thumbnail
"හමුදාවේ බලය පෙන්නලා මට සද්ද දැම්මා"පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේ නැත්තම් මං ගැන බලාගන්නම් කිව්වා
03:18
Video thumbnail
අපේ සමාජයට අවශ්‍යයයි නව හර පද්ධතියක් - ඊළඟ සමාජයේ හැඩරුව තීරණය කරන්නේ තරුණ පරපුර
07:08
Video thumbnail
ජනපති, මත්ද්‍රව්‍ය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - තරුණයන් ඉදිරියේ විනාශකාරී දොරටුවක් තියෙනවා
06:27