පසුගිය 2022 වසරේ මැයි මස 4 වනදා පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ගය අසල උද්ඝෝෂණයක නිරතව සිටි තමන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරණ ලෙස ඉල්ලා අරගලකරුවන් 10 දෙනකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
අසත්‍ය සහ නොමඟ යවන සුළු කරුණු පදනම් කරගනිමින් මෙම පෙත්සම ගොනු කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය ලබා දුන්නේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.
මෙම පෙත්සම සළකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මැයි මස 4 වන දා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ සාමකාමී ලෙස උද්ඝෝෂණයක නිරතව සිටි පෙත්සම්කරුවන්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවයි.
එහෙත් පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කරන කරුණු අසත්‍ය මෙන්ම නොමඟ යවන සුළු ඒවා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.
තමන් සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ බව පෙත්සම්කරුවන් ප්‍රකාශ කළ ද අධිකරණය හමුවේ ප්‍රදර්ශනය කළ වීඩියෝ දර්ශන ඔස්සේ ඔවුන් මංමාවත් අවහිර කරමින් පොලිස් නිලධාරීන් ගේ රාජකාරියට බාධා කරමින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගමනාගමන කටයුතු අවහිර කරමින් කටයුතු කර ඇති බවක් පෙනී යන බවයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ.
සියලු පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේ අදාළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමටයි.














MANA PALANAYAKIN DHADI VINAYAKIN KARANA ARAGALA THAMAYI LOKAYE DINANNE. EYI ARAGALA ATHULETH INNAWA WINASHAKAREE PALIGANEEME CHETHAWEN AWASTHAWA ENA THEK BALAGENA INNA PALANAYA KALA NOHAKI AYA. EHE PIRISAM THAMAYI 1917 RUSSIAN REVO EKEDHI TSAR FAMILY EKA SAMULAGHATHANAYA KALEYI. ASAHAYA NAYAKA LESA RUSSIA KIYU VLADIMIR ILVICH LENIN TA WEDI THIYUWE. LENIN GEN PASSE BALAYA GANIPU JOSEPH STALIN GEN BERENNA TROSTSKY USA WALATA PENALA GIYAMA GHATHAYAK USA WALATA YAWALA PORAWAKIN HISA DEPLU WENNA GAHALA TROTSKY WA MARALA DAMME. ME NISA VIPLAWAYA PATAN GATH KALAYEMA BALU UNA. NAMUTH STALIN GE MARDHANAKAREE DUSHTA WEDA PILIWELA NISA OKKOMA CARPET EKA YATATA DAGENA 1985 WENAKAM RUSSIA ARAGENA GIYA. TIAK TIKA NIDAHASA DEMIN RUSSIA WATA DEMOCRACY GENNA THIYENA QELAWE USA SPY KENEK UNA MIHAIL GORBACHEV BALAYATA AWITH WALAN KADETA PENAPU GONA WAGEYI MULU RUSSIA MA AWULA KARALA WINASA KARALA DAMMA. EKA APAHU KELIN KALEYI VLADIMIR PUTIN.