අරගලකරුවන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රතික්ෂේප වෙයි

පසුගිය 2022 වසරේ මැයි මස 4 වනදා පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ගය අසල උද්ඝෝෂණයක නිරතව සිටි තමන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරණ ලෙස ඉල්ලා අරගලකරුවන් 10 දෙනකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

අසත්‍ය සහ නොමඟ යවන සුළු කරුණු පදනම් කරගනිමින් මෙම පෙත්සම ගොනු කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය ලබා දුන්නේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

මෙම පෙත්සම සළකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මැයි මස 4 වන දා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ සාමකාමී ලෙස උද්ඝෝෂණයක නිරතව සිටි පෙත්සම්කරුවන්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවයි.

එහෙත් පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කරන කරුණු අසත්‍ය මෙන්ම නොමඟ යවන සුළු ඒවා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

තමන් සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ බව පෙත්සම්කරුවන් ප්‍රකාශ කළ ද අධිකරණය හමුවේ ප්‍රදර්ශනය කළ වීඩියෝ දර්ශන ඔස්සේ ඔවුන් මංමාවත් අවහිර කරමින් පොලිස් නිලධාරීන් ගේ රාජකාරියට බාධා කරමින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගමනාගමන කටයුතු අවහිර කරමින් කටයුතු කර ඇති බවක් පෙනී යන බවයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ.

සියලු පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේ අදාළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01