අඹුසැමි යුවළක් ගිය යතුරුපැදියක කැබ් රථයක් ගැටේ – බිරිඳ ජීවිතක්ෂයට

හලාවත – ආණමඩුව මාර්ගයේ පල්ලම, අඩම්මන ප්‍රදේශයේ දී කැබ් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් අනතුරකින් කාන්තාවක් එම ස්ථානයේ දීම මියගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ 32 හැවිරිදි තවත් පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඊයේ (02) රාත්‍රී 8.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් මිය ගොස් ඇත්තේ මාදම්පේ, තනියවල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 30ක කාන්තාවක්.

අනතුරට ලක් වූ කැබ් රථය හලාවත දෙස සිට ආණමඩුව දෙසට ධාවනය වෙමින් තිබිය දී ඉදිරියෙන් පැමිණි අඹුසැමි යුවළක් ගමන් ගත් යතුරුපැදියේ ගැටී ඇති අතර, කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී යතුරුපැදිය පදවා ඇත්තේ කාන්තාව විසින් බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරට සම්බන්ධ කැබ් රථය පැදවූ රියදුරු පල්ලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර,ඔහු අටබාගේ, පිටගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06