අමෙරිකාවේ නාවික සීල් පුහුණුව සම්පූර්ණ කළ චාමිත හදිසියේම මෙලොව හැරයයි

අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ මූලික සීල් පුහුණුව සාර්ථකව සම්පූර්ණ කල ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් ලුතිනන් කොයාන් චාමිත හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

2017 වර්ෂයේ ජූනි මස 30 වැනි දින 60 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ ලුතිනන් කොයාන් චාමිත නාවික හමුදාවේ පුහුණුව සඳහා එක්වූ අයෙක්.

ලුතිනන් කොයාන් චාමිත ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා.

නාවික හමුදාවට එක්වීමෙන් පසුව මූලික පුහුණුවෙන් පසු විශේෂ යාත්‍රා බළඝණයේ විශේෂ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 2025 වර්ෂයේ ජනවාරි මාසයේදී අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ නාවික විශේෂ සංග්‍රාමික මූලික පුහුණු විධාන‍ය වෙත සීල් පුහුණුව සඳහා අනුයුක්ත වී තිබෙනවා.

ලොව විශේෂ හමුදාවන්ගේ සාමාජිකයන් සඳහා පැවැත්වෙන අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා සීල් පුහුණුව තුල සිදුකෙරෙණ බහු-අදියර සුදුසුකම් ක්‍රියාවලියේදී මූලික දිය යට බිදහෙලීම්, උසස් සංග්‍රාමික කිමිදීම්, ගොඩබිම් සංග්‍රාම සහ කුඩා කණ්ඩායම් සංග්‍රාමික උපක්‍රම ඇතුළු සුවිශේෂී අති දුෂ්කර පුහුණු අදියරයන් තුලින් ඉහල ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් යුත් විශිෂ්ඨයන් බිහි කිරීම සිදුකරනු ලබයි.

ඒ අනුව, එවන් සුවිශේෂී පුහුණුවක් සඳහා අනුයුක්ත වූ දෙසීයයක (200) පමණ පුහුණුවන්නන් අතුරින්, සීල් ට්‍රයිඩන්ට් පලඳනාව හිමිකරගත් විසිහත් දෙනා (27) අතරට තේරී පත්වීමට ලුතිනන් කොයාන් චාමිත සමත්වුණා.

එමගින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ මව්බිම වෙත විශාල කීර්තියක් සහ අභිමානයක් ගෙන දීමට ලුතිනන් කොයාන් චාමිත සමත්වූවා.

ලුතිතන් කොයාන් චාමිත ඔබට නිවන් සුව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
11
+1
2
+1
2
+1
114
+1
11
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18