අම්බලන්තොට නිවසක් තුළ අඹුසැමි යුවළක් අමානුෂිකව ඝාතනය කරලා

අම්බලන්තොට, බෝලාන, රුහුණු රිදියගම ප්‍රදේශයේ යුවළක් කැත්තකින් සහ පෝරවකින් කපා කොටා නිවස තුළ දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 60ක පුද්ගලයෙක් සහ ඔහුගේ 55 හැවිරිදි බිරිඳ බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සම්බන්ධයෙන් අද (27) පෙරවරුවේ අම්බලන්තොට පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි සිදුකළ විමර්ශන වලදී තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්තොට, තවාලුවිල ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
7
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?