අම්බලන්තොට අඹුසැමි යුවළ නැසූ මස්සිනා අත්අඩංගුවට

අම්බලන්තොට, බෝලාන, රුහුණු රිදියගම ප්‍රදේශයේ ඊයේ (27) උදෑසන සිදු වූ ද්විත්ව ඝාතනයට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ පිරිමි පුද්ගලයාගේ නැඟණියගේ ස්වාමි පුරුෂයා බවයි වාර්තා වන්නේ.
ඔහු අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඊයේ උදෑසන කාලයේ අම්බලන්තොට, බෝලාන, රුහුණු රිදියගම ප්‍රදේශයේ නිවසක් කුළ අඹුසැමි යුවළක් කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කර තිබුණා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ අවුරුදු 60ක පුද්ගලයෙක් සහ ඔහුගේ 55 හැවිරිදි බිරිඳ බවයි වාර්තා වුණේ.

කලක පටන් පැවති බව කියන ඉඩම් ආරවුලක් මෙම ඝාතන සඳහා හේතු වී ඇති බවටතොරතුරු හෙළිවී තිබෙනවා.

ඝාතනය සිදුකළ තැනැත්තා නිවසට කඩාවැදී පොරොවකින් සහ කැත්තකින් පහර දී මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
2
හරි හිනා !
1
හම්මෝ !
11
මාර දුකයි !
35
මලපනිනව !
23
කුජීතයි !
6
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?