අම්බලන්තොට අඹුසැමි යුවළ නැසූ මස්සිනා අත්අඩංගුවට

අම්බලන්තොට, බෝලාන, රුහුණු රිදියගම ප්‍රදේශයේ ඊයේ (27) උදෑසන සිදු වූ ද්විත්ව ඝාතනයට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ පිරිමි පුද්ගලයාගේ නැඟණියගේ ස්වාමි පුරුෂයා බවයි වාර්තා වන්නේ.
ඔහු අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඊයේ උදෑසන කාලයේ අම්බලන්තොට, බෝලාන, රුහුණු රිදියගම ප්‍රදේශයේ නිවසක් කුළ අඹුසැමි යුවළක් කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කර තිබුණා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ අවුරුදු 60ක පුද්ගලයෙක් සහ ඔහුගේ 55 හැවිරිදි බිරිඳ බවයි වාර්තා වුණේ.

කලක පටන් පැවති බව කියන ඉඩම් ආරවුලක් මෙම ඝාතන සඳහා හේතු වී ඇති බවටතොරතුරු හෙළිවී තිබෙනවා.

ඝාතනය සිදුකළ තැනැත්තා නිවසට කඩාවැදී පොරොවකින් සහ කැත්තකින් පහර දී මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය
01:45
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
01:45
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට
01:51
Video thumbnail
අදත් කුණු ටිකක් අතේ මාට්ටු..අනේ අදට සමාව දෙන්න කියන්නකෝ සර්..
01:43
Video thumbnail
NSBM දස වසරක ගමනේ රටේ ආර්ථිකයට රු.බිලියන 115.5කට අධික දායකත්වයක්
01:34
Video thumbnail
විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගාස්තුව සිසුන්ට දරාගන්න බෑ - UGC එකට පැමිණිල්ලක්
05:28
Video thumbnail
දිවුලපිටිය කුණු කන්ද සුද්ද කරලා තියෙන්නේ බාගෙට..ඇතුලේ කුණු එහෙම්මයි..රවට්ටන්න විතරක් කරන්න එපා
01:55