අම්බලන්ගොඩ, කරිත්තකන්ද පන්සල අසල ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටි ස්ථානයක අද (21) දහවල් පස් කන්දක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් එහි වැඩ කරමින් සිටිය පුද්ගලයන් 03 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
එම ස්ථානයේ පුද්ගලයන් සිව්දෙනෙක් වැඩකරමින් සිට ඇති අතර, පස් කන්ද කඩා වැටෙන විට එක් අයෙක් දිවගොස් බේරී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව පස්කන්ද කඩා වැටීමෙන් අනතුරුව අනතුරට පත් පුද්ගලයන් සොයා ප්රදේශවාසීන් සහ අම්බලන්ගොඩ පොලිසිය එක්ව මුදාගැනීමේ මෙහෙයුම් ක්රියාත්මක කර ඇති අතර, පස්වලට යටවී සිටි එම පිරිස සොයා ගැනීමට හැකිව තිබෙනවා.
අනතුරව එම තිදෙනා බලපිටිය මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා.










