අප්‍රේල් 11 සිට 15 දක්වා ජල සැපයුම අත්හිටුවීමක් නැහැ

ජල සැපයුම අත්හිටුවන කොළඹ අවට ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම සඳහා බවුසර් මගින් ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

උත්සව සමයේ දී එනම් අප්‍රේල් 11 වන දින සිට 15 වන දින දක්වා ජල සැපයුම අත්හිටුවීමක් සිදුනොවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ඊයේ (02) සිට 10 වනදා දක්වා කාලසටහන් ක්‍රමයක් ඔස්සේ ජලය සැපයීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කළා.

ඒ, අනුව අද (03) රාත්‍රී 08.00 සිට හෙට (04) රාත්‍රී 08.00 දක්වා හෝමාගමට ජල කප්පාදුව සිදු වෙනවා.

මේ අතර බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත හා නාවල අවට ප්‍රදේශ සඳහා දිනක් හැර දිනක් රාත්‍රි 10.00 සිට පසුදින අලුයම 01.00 දක්වා පැය 03ක කාලයක් ජල සැපයුම අත්හිටුවීම සිදුකෙරෙන බවයි ජලසම්පාදන මණ්ඩලය දැනුම් දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49