අනුර ප්‍රියදර්ශන ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇප මත නිදහස් – විදෙස් ගමන් තහනමකුත් පැනවෙයි (වීඩියෝ)

හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (23) පස්වරුවේ අදාළ නියෝගය නිකුත් කරමින් විත්තිකරුවන්ට විදෙස්ගත වීම වළක්වමින් තහනම් නියෝගයක් ද නිකුත් කළ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම විත්තිකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදෙන ලෙසටත්, සෑම ඉරිදා දිනකම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය යටතේ පෙනී සිටින ලෙසටත් නියෝග කළා.

සැකකරුවන් වශයෙන් නම් කර තිබූ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ ධම්මිකා ශිරාණි සුමනරත්න, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති එස්. අමරසේකර සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කටයුතු කළ අනුර සෙනෙවිරත්න යන සැකකරුවන් මෙසේ ඇප මත මුදා හැරීමට නියම කෙරුණා.

අදාළ නඩුව යළිත් මැයි මස 06 වැනි දින කැඳවීමටත් නියෝග කෙරුණා.

අතිරේක මහේස්ත්‍රාත්වරයා සිය ඇප නියෝගයෙන් පෙන්වා දී ඇත්තේ, මෙම සිද්ධිය සිදුව ඇත්තේ 2014 වර්ෂයේ දී බවත්, විත්තිකරුවන් ව සැකකරුවන් ලෙස නම්කර ඇත්තේ සිදුවීම සිදු ව ඉන් වසර 10කට පසුව බවත්, සැකකරුවන් ලෙස නම් කිරීමට ගත වූ කාලය මෙන් ම ඔවුන් විමර්ශන කටයුතුවලට කිසිදු බලපෑමක් සිදු නොකිරීමේ සුවිශේෂී කරුණු සලකා බලමින් මෙම ඇප නියෝගය නිකුත් කරන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ සාපරාධී මූල්‍ය පරිහරණ චෝදනා මත හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන අද දහවල් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි මෙම නියෝගය හිමිවූයේ.

2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් හැටඑක් ලක්ෂ හතළිස් හයදහස් එකසිය දහයක මුදලක් ලබාගෙන, එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීම හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳට එල්ල වී තිබෙන මූල්‍ය චෝදනා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආපදාවට පත්වූවන් කබලෙන් ළිපට වැ#ලා..ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්ණවලට ඇහුම්කන් දෙන සජිත්
03:52
Video thumbnail
නෞකාවලට ග#නවා කියලා ඉන්දියාව දැනගෙන ඉදලා ? විමල් සියල්ල හෙළිකරයි..සත පහකට විශ්වාස කරන්න බෑ
04:18
Video thumbnail
අසේලගෙන් පාරිභෝගික අධිකාරියට සැර සත්තමක්..දැන් කෝමා වෙලාද?මොන මල කරදරයක්ද ?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway ඒකේ පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44