අනුරාධපුර පාසල් 12ක් අනිද්දා සිට ලබන 02 වැනිදා දක්වා වැසේ

පොසොන් සතිය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 12ක් අනිද්දා (26) දින සිට ලබන ජූලි 02 වැනිදා දක්වා වසා තබන බව උතුරුමද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මහජනතාවගේ සහ ප්‍රභූ ආරක්ෂාව සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ගේ තාවකාලික නවාතැන් ස්ථාන වශයෙන් යොදවා ගන්නා බැවින් මේ පාසල් වසා තැබෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ පිළිබඳව අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලිඛිතව අනුමැතිය ලබාදෙමින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

මේ අනුව අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකාව, විවේකානන්ද, වලිසිංහ හරිශ්චනද්‍ර, මහා බෝධි, දේවානම්පියතිස්ස , නිවන්තක චේතිය සහ තන්තිරිමලය විමල ඤාණ විද්‍යාලය යන පාසල් මෙන්ම ගලෙන් බිඳුණු වැව අධ්‍යාපන කලාපයට අයත් මිහින්තලයේ මහා විදුහල, කම්මලක්කුලම විද්‍යාලය සහ මිහින්තලය කනිෂ්ඨ විද්‍යාලයද මේ සතිය පුරා වසා තැබෙනවා.

මෙයට අමතරව පොසොන් සතිය පුරා අනුරාධපුර තන්තිරිමලය මිහින්තලය යන ප්‍රදේශවල සිද්ධස්ථාන ආශ්‍රිත සුරාසල් සතියක් වසා තැබෙන අතර දිස්ත්‍රික්කයේ මාංශ අලෙවිසැල් සහ මාලු අලෙවිසැල් ද පොසොන් සතිය තුළ වසා තිබෙන බවද පොසොන් කමිටුව දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
3
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50
Video thumbnail
ගැ#ටුමෙන් මි#ගිය නිලධාරීන් වෙනුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි දමා ඇති අයුරු
00:54
Video thumbnail
බොල හර්ෂණයෝ බඩේ මහත කාලා කාලා - කට්ටිය බඳාගෙන හොඳටම රඟපාලා පෙන්නුවා
10:04
Video thumbnail
අපිත් JVP වසන්තලාගේ ගො# ටෝක්වලට අපි කැමති නෑ - ඔයිට වැඩිය ලොක්කෙක්නේ ගෝඨා..
03:03
Video thumbnail
"අනේ මගේ පුතේ.." බන්ධනාගාර නිලධාරියෙකුගේ නිසල සිරුර සෝසුසුම් මැද නිවසට ගෙනෙයි
03:49
Video thumbnail
අනේ මගේ මල්ලි - නැගිටපන් යකෝ
00:32
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
00:44
Video thumbnail
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
00:25
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට" ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ දේහය මල්ශාලාවක තැන්පත් කරයි
03:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
08:07:06