Empty Ad
AFC Banner
Empty Ad

අධිවේගයේ සිදු වූ අනතුරකින් සංචාරකයින් රැගත් බස් රථයක රියදුරු මරුට(වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 138 වැනි කිලෝමීටර් කණුව අසල දී සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මෙම අනතුර අද (17) අලුයම 05ට පමණ සිදු ව ඇති අතර සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක පිටුපස විදේශිකයින් ප්‍රවාහනය කරමින් තිබූ සංචාරක සුඛෝපභෝගී බස් රියක් ගැටී ඇති බවයි වාර්තා වූයේ.

අනතුරින් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බස් රියෙහි රියදුරුවරයායි.

එක් දරු පියෙකු වන මෙම මරණකරු සංචාරකයින් රැගෙන ඇල්ල හරහා නුවරඑළියට ගොස් පැමිණෙන බවයි දන්වා ඇත්තේ.

රියදුරුගේ බිරිඳ වසරකට පමණ විදේශගත වී තිබෙන අතර ඔහුගේ දරුවා අවුරුදු 03ක් වන පිරිමි දරුවෙකු බවත් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?