අගමැති කාර්යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ වනවිට ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර පිළිබඳ වංචනික දැන්වීම් දැඩි ලෙස හෙළා දකින බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම වංචනික දැන්වීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරමින් මෙරට ජනතාව නොමඟ යැවීම සිදු කරන්නේ විදේශීය ආයතන විසින් වන අතර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අනෙකුත් ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික පුද්ගලයින්ගේ නම් භාවිත කරමින් මෙම වංචාසගත ප්‍රචාරණ සිදු කරමින් තිබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙරට ප්‍රසිද්ධ පුද්ගලයින් පිළිබඳ ජනතාව තුළ ඇති සුහදතාව පළුදු කරමින් මහජනතාව නොමඟ යවා ප්‍රසිද්ධ පුද්ගලයින් කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීම මෙම දැන්වීම්වල ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

ලිතුවේනියාවේ සිට ක්‍රියාත්මක කරන මෙම වංචනික ගිණුම් මගින් සිදු කරන වංචනික දැන්වීම් සහ ප්‍රවර්ධනයන් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන්නන් ඉලක්ක කරමින් සක්‍රීය ව ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අපගේ අවධානයට යොමු වී ඇති බවයි.

මෑතකදී විදේශ අමාත්‍ය විජිත හේරත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිශාන්ත අබේසේන සහ ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් වන අමන්තා පෙරේරා සහ සුනන්ද දේශප්‍රිය මෙන්ම මීට පෙර අවස්ථාවල දී වෙනත් ශ්‍රී ලාංකික ප්‍රසිද්ධ පුද්ගලයින් ද මෙම දැන්වීම් මගින් ප්‍රචාරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම රජයේ නිලධාරීන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ අනුමැතිය ඇතැයි අසත්‍ය ලෙස ප්‍රකාශ කරන ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ප්‍රවර්ධනය කරන ඔන්ලයින් දැන්වීම්වලින් අතිශයින් ප්‍රවේශම් වන ලෙස අග්‍රාමාත්‍ය කාර්‍යාලය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

කිසිදු රජයේ නිලධාරියෙකු හෝ අමාත්‍යාංශයක් කිසිදු ක්‍රිප්ටෝ මුදල් ආයෝජන යෝජනා ක්‍රමයක් අනුමත කර නැහැ.

වාර්තා සහ ඉවත් කිරීමේ ඉල්ලීම් තිබියදීත්, මෙම වංචාවන් සමාජ මාධ්‍ය වේදිකාවල දිගින් දිගටම දක්නට ලැබෙන අතර, වංචනික දැන්වීම් ඵලදායී ලෙස මැඩපැවැත්වීමට ෆේස්බුක් හි ඇති නොහැකියාව පිළිබඳ බරපතළ සැකයක් සහ කනසල්ලක් ඇති වී තිබෙනවා.

මෙම රැවටිලිකාර ව්‍යාපාර පැතිරීම වැළැක්වීමට සහ ශ්‍රී ලාංකික පරිශීලකයින් මූල්‍ය වංචාවෙන් ආරක්ෂා කිරීමට වහාම දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි මෙටා ෆේස්බුක් හි මව් සමාගම වන මෙටා සමාගම වෙතින් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ සඳහන්.

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ අනුමැතිය ඇතැයි කියන සැක සහිත දැන්වීම් සමඟ සම්බන්ධ නොවන ලෙසත්, එම ප්‍රවර්ධනයන් හෝ දැන්වීම් තුළට නොයන ලෙසත්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි වංචනික දැන්වීම් කෙලින්ම අදාල සමාගම් වෙත වාර්තා කරන ලෙසත්, ආයෝජනය කිරීමට පෙර නීත්‍යනුකූල මූලාශ්‍ර හරහා සියලුම මූල්‍ය අවස්ථා සනාථ කර ගන්නා ලෙසත් අප මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය ලෙස අප අන්තර්ජාලය මගින් සිදු කරන වංචාවන්ගෙන් මහජනතාව ආරක්ෂා කිරීමට කැපවී ක්‍රියාකරන අතර මෙම ගැටලුව විසඳීමට අදාළ බලධාරීන් සමඟ දිගටම කටයුතු කරන බව ද දන්වා සිටිනවා.

වැරදි තොරතුරු සහ වංචනික තොරතුරු ප්‍රචාරය කිරීම සිදු නොකරන ලෙසත්, එවැනි ප්‍රචාරයන් පිළිබඳ ව වගකීමෙන් යුතුව ක්‍රියා කරන ලෙසත් සියලු ජනමාධ්‍ය සංවිධාන සහ සමාජ මාධ්‍ය ක්‍රියිකාරිකයින්ගෙන් අග්‍රාමාත්‍ය කාර්‍යාලය විශේෂයෙන් ඉල්ලීමක් කරනවා.

රජයේ නිල තොරතුරු දැනගැනීම සඳහා යාවත්කාලීන අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය නාලිකාව වෙත යොමු වන ලෙස මෙරට සියලු මහජනතාවට දැනුම්දෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06