Empty Ad
AFC Banner
Empty Ad

අධික උණුසුමෙන් පුද්ගලයෙකු මිය යයි

අකුරැස්ස, දීගල දානමය පිංකමකට සභාගී වී පැමිණෙමින් සිටි පුද්ලයෙකු පෝරඹදී යතුරුපැදියේ හුළං බැස ඇති නිසා යතුරුපැදිය තල්ලු කරමින් අකුරැස්ස නගරය දෙසට පැමිණෙද්දී රස්නයත් මහන්සියත් හේතුවෙන් ඇද වැටී මිය ගොස් ඇති බව මරණකරුගේ බිරිඳ පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, 72 හැවිරිදි ව්‍යාපාරික සිව්දරු පියෙකි.

වසර කිහිපයක සිට හෘද රෝගියකු ලෙස ප්‍රතිකාර ලබා ගත්තත් මිය යාමට තරම් දරුණු ආබාධ තත්ත්වයක් නොතිබුණු ව්‍යාපාරිකයා පිංකම් ගෙදරින් ආහාර ගෙන සිය බිරිඳ සමඟ හන්දෙගොඩ සිට තෙලිජ්ජවිල නිවසට යන අතරතුර මෙම මරණය සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

කිලෝමීටර් කීපයක් තවත් නෑදෑ පිරිසක් එක්ව පැමිණ මාර්ගයේ ස්ථානයක නැවතී ආහාර ගෙන මද දුරක් පැමිණෙද්දී යතුරුපැදියේ හුළං බැස ඇති බවත් අනතුරුව බිරිද බස් රථයක නැගී නිවසට යමින් සිට ඇති බවත් ව්‍යාපාරිකයා යතුරුපැදිය කිලෝමීටර්යකට වැඩි දුරක් අධික උණුසුම් කාලගුණය නොතකා පාගමනින්ම තල්ලුකරගෙන රැගෙන යන අයුරු පෝරඹ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබෙනවා.

පසුව ඔහු ඇදවැටී මහාමාර්ගය අසලම මියගොස් තිබුණා.

1990 ගිලන් රථය පැමිණියත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බැවින් හදිසි මරණ පරීක්ෂණය පවත්වා දේහය මාතර මහ රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කර තිබෙනවා.

මාතර මූලික රෝහලේ සිදුකළ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු හෘදයේ සෛල මිය යාමකින් සිදුවූ මරණයක් බවට සහතික කර ඇතැයි අකුරැස්ස පොලිසිය පවසනවා.

පවතින දැඩි උණුසුම් කාලගුණය හමුවේ විශේෂයෙන්ම රෝගීන් වෙහෙසකර කටයුතුවලින් ඈත් වී සිටීමෙන් මෙවැනි හදිසි මියයෑම් අවම කර ගැනීමට හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
9
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංගීත ප්‍රසංගයට වැස්සෙන් බාධා - චාමර රණවක දෙපාරක් නොහිතා ග්‍රවුන්ඩ් එක මැදට පනියි
03:03
Video thumbnail
දරුවෙක්ගේ කකුළට කරපු දේට පාසලත් නිහඬයි - පොලිසියත් නිහඬයි
05:19
Video thumbnail
ඇමති නලින්ද එක්ක වර්ජනය ගැන කතා කරන්න ගිය වෘත්තිය සමිති ලොක්කෝ මාධ්‍ය මඟහැර හොරෙන්ම මාරු වෙයි
02:34
Video thumbnail
වාහන ආනයනකරුවන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
22:44
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
00:56
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
10:51
Video thumbnail
පාඨලී විශේෂ හෙළිදරව්වක් කරයි
00:59
Video thumbnail
අනුර කුමාර ජනාධිපතිතුමා කවදාවත් රනිල්ව අත්අඩංගුවට ගන්නේ නෑ
17:21
Video thumbnail
මම එක පෙලට තියලා දෙන්නේ ඔක්කෝටම - අසේල සම්පත් ට්‍රැක්ටරේට ගොඩ වුණේ මෙහෙමයි
22:05
Video thumbnail
අපිට කරන්න පුළුවන් දේ අපි කරලා පෙන්නන්නම් - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට අභියෝග කරයි
10:11

?