අධිකරණ විනිසුරුවරියක් යැයි කියා පොලිසිය නොමග යැවූ කතක් සහ රියැදුරෙකු රිමාන්ඩ්

මහේස්ත්‍රාත්වරියක් ලෙස පෙනී සිටි කාන්තාවක් සහ ඇයගේ රියදුරු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ වරකාපොළ නගරයේ දී යි.

රථය පදවාගෙන ආ රියැදුරු පොලිස් මාර්ග බාධකයක දී රථය පොලිස් අණ පරිදි නවත්වා තිබෙනවා.

එම අවස්ථාවේ දී රියදුරුගෙන් පොලිස් නිලධාරියෙකු රියදුරු බලපත්‍රය ඉල්ලා සිටි විට දී, රියදුරු බලපත්‍රය නොමැති බවත්, තමන්ගේ රියෙහි ඉදිරිපස අසුන්ගෙන සිටින්නේ මහේස්ත්‍රාත්වරියක් බවත් දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී පොලිසිය විසින් අධිකරණ මහේස්ත්‍රාත්වරියක් යැයි හැඳින්වූ තැනැත්තියගෙන් නිල රාජකාරී හැඳුනුම්පත ඉල්ලා තිබෙනවා.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ නිල හැඳුනුම්පත රැගෙන නො ආ බවටයි.

පසුව පොලිස් නිලධාරීන් විමසා ඇත්තේ ඇය කිනම් අධිකරණයක සේවය කරන්නේ දැයි යන කාරණය බවත්, පසුව ඇය පවසා ඇත්තේ ඇඹිලිපිටිය අධිකරණයේ විනිසුරුවරියක් ලෙස රාජකාරී කටයුතු සිදු කරන බවයි.

නමුත් එම අවස්ථාවේ දී පොලිස් නිලධාරින්ට සැක සිතී, සුපිරි පන්නයේ මෝටර් රථයට යාමට ඉඩකඩ නොදී, ඇඹිලිපිටිය අධිකරණයෙන් විමසා ඇත්තේ එකී සැකකාර විනිසුරුවරියගේ නම සඳහන් විනිසුරුවරියක් අධිකරණයෙහි සිටිනවා ද යන කාරණයයි.

එහිදී හෙළි ව ඇත්තේ ඇඹිලිපිටිය අධිකරණයෙහි සැකකාරියගේ නමින් විනිසුරුවරියක් සේවය නොකරන බවටයි.

ඉන් අනතුරුව නීතිමය කටයුතු සිදු කරන අධිකරණ විනිසුරුවරයෙකුගේ තනතුරක්, නමක් අවභාවිත කරමින්, පොලිසිය නොමග යැවීමට කටයුතු කිරීමේ චෝදනාව සහ බලපත්‍ර රහිත ව වාහන පැදවීමේ වරද සම්බන්ධයෙන් අදාළ සැකකාර කාන්තාව සහ රියදුරු වරකාපොළ පොලිස් අත් අඩංගුවට පත් වුණා.

මෙම සැකකරුවන් දෙපළ ඊයේ දිනයේ දී මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී විනිසුරුවරයා නියෝග කර ඇත්තේ සාපරාධී ක්‍රියා යටතේ මොවුන් ව එළඹෙන 27 වැනිදින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

සැකකරුවන් ගල්කිස්ස ප්‍රදේශයේ ව්‍යාපාරික යුවලක් බවටයි හෙළි ව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57