අධිකරණය මගහරින ආරච්චිකට්ටුව සභාපතිට එරෙහි වාරණ නියෝගය නිවසේ ඇලවීමට නියෝග

ප්‍රධාන පෙලේ පුද්ගලික සමාගමක් විසින් පුත්තලම, උඩප්පුව ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ ඉස්සන් අභිජනනාගාර මධ්‍යස්ථානයක් පිහිටි භූමියකට ඇතුල් වීම තහනම් කරමින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ. තච්චනමූර්ති මහතාට පුත්තලම දිසා අධිකරණය විසින් ඉකුත් ඔක්තෝබර් මස 05 වන දින වාරණ නියෝගයක් නිකුත් කරන ලදී.

අද දින (19) එම නඩුව යළි කැඳවූ අවස්ථාවේ පුත්තලම දිසා අධිකරණයේ පිස්කල් නිලධාරී විසින් අධිකරණයට වාර්තා කර තිබුණේ අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය, අතුරු ඉන්ජන්ෂන් තහනම් නොතීසි සහ සිතාසි, විත්තිකාර සභාපතිවරයා වෙත භාර දීමට අවස්ථා කීපයකදී ඔහුගේ නිවසට ගියද, ඒ සෑම අවස්ථාවකදී ම ඔහු නිවසේ නොසිටි බැවින් වාරණ නියෝගය , අතුරු තහනම් නොතීසි සහ සිතාසි විත්තිකරු වෙත භාරදීමට නොහැකි වූ බවයි.

එම අවස්ථාවේ දී, පැමිණිලිකාර කිංග් ඇක්වා සමාගම වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ වරුණ සේනාධීර මහතා අධිකරණයට සැල කර සිටියේ, ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයෙකු වන විත්තිකාර, ප්‍රාදේශීය සභා සභාපතිවරයා, පැමිණිල්ලේ ශීර්ෂයේ දක්වා ඇති ලිපිනයේ ස්ථීරව ම පදිංචිව සිටින බවත්, ඔහු එම ප්‍රදේශයේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින බවත් ය.

විත්තිකරු, ඔහුට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව ඉතා හොඳින් දැන දැන ම, එම වාරණ නියෝගය, අතුරු තහනම් නොතීසි සහ සිතාසි භාර ගැනීම සිතා මතා ම මගහරිමින් සිටින බව නීතීඥවරයා අධිකරණයට වැඩිදුරටත් සැලකර සිටියේය .

, විත්තිකාර සභාපතිවරයා ට එරෙහිව දැනටමත් නිකුත් කර ඇති වාරණ නියෝගය, අතුරු ඉන්ජන්ෂන් තහනම් නොතීසි සහ සිතාසි, සභාපතිවරයා පදිංචි නිවසේ ප්‍රමුඛ ස්ථානයක අලවා ආදේශිත ක්‍රමයට භාර දීමට නියෝග කරන මෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ පුත්තලම දිසා විනිසුරු එෆ්. එස්. මහ්ෆි මහත්මිය අදාල වාරණ නියෝගය, අතුරු ඉන්ජන්ෂන් තහනම් නොතීසි සහ සිතාසි, විත්තිකාර සභාපතිවරයා ගේ නිවසේ ප්‍රමුඛ ස්ථානයක අලවා ආදේශිත ක්‍රමයට භාර දීමට නියෝගය කරන ලදී.

එසේම විත්තිකාර සභාපතිවරයාට එරෙහිව අධිකරණය විසින් මේ වන විටත් නිකුත් කර ඇති වාරණ නියෝගය තවත් දින 14ක කාලයක් සඳහා දීර්ඝ කිරීමටද නියෝග කෙරිණි.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් මෙහෙයවන ලද මැර කණ්ඩායම් වරින් වර පැමිණිලිකාර සමාගමේ පරිශ්‍රයට බලහත්කාරයෙන් කඩා වැදී, එහි සිදුකරන ව්‍යාපාර කටයුතු සහ නව සංවර්ධන කටයුතු වලට බාධා පමුණුවමින්, තර්ජනාත්මක ලෙස හැසිරීම හේතුවෙන් ඔහුට විරුද්ධව මෙම වරණ නියෝගය නිකුත් කරන ලදී.

පැමිණිලිකාර සමාගම වෙනුවෙන් නීතීඥ සුමේධ පෙරේරා මහතාගේ උපදෙස් මත ජානක බාසූරිය , ඉන්දික බණ්ඩාර අබේකෝන් සමඟ ජ්‍යෙෂ්ඨ නීතීඥ වරුණ සේනාධීර මහතා පෙනී සිටින ලදී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොරොච්චෝලේ බලාගාරය කැඩිලා නැහැ..පාර්ලිමේන්තුවේ කිව්ව දේවල් බිමේ ඇත්ත නෙවෙයි
07:15
Video thumbnail
"පංචායුධයක් තියෙනකොට ඔයාට හෙ# වදින්නේ නෑ" ආනන්දගෙන් විමල්ට සැර සත්තමක්
02:11
Video thumbnail
ලංකාව ගැන ට්‍රම්ප් කට අරී - හමුදාවටත් සැර වෙයි..යුද්ධය නවත්තන්න ඉරානයෙන් හොල්මන් වෙන කොන්දේසි
06:15
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26