අද රෑ කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ වාහන ධාවනයට සීමා

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ අද (29) රාත්‍රී 9.00 සිට හෙට (30) අලුයම 1.00 දක්වා වාහන ධාවනයට සීමාකරන බව පොලිසිය පවසනවා.

කොස්ගම, කනම්පැල්ල – ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ ගංගාරෝහණ මහ පෙරහැර හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරන බවයි වාර්තා වුණේ.

පෙරහැර ගමන් ගන්නා කාලය තුළ එම මාර්ග භාවිතා කරන රියදුරන් සහ මහජනතාව වෙත විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.

ඒ, අනුව කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කරන වාහන කළුඅග්ගල හන්දියේ පිහිටි ඔරලෝසු කණුව අසලින් දකුණට ඇති ලබුගම මාර්ගයේ කිලෝ මීටර් 12ක් ගමන්කර තුංමෝදර හන්දියෙන් වමට ඇති තුංමෝදර – අවිස්සාවේල්ල මාර්ගයේ කිලෝමීටර් 08ක් ගමන් කළ පසු හමුවන පුවක්පිටිය හංදියෙන් දකුණට හැරී ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකියි.

පෙරහැර කොස්ගම, කනම්පැල්ල – ශ්‍රී සුමනාරාම විහාරස්ථානයෙන් ආරම්භ කර කොස්ගම – පූගොඩ මාර්ගයේ කනම්පැල්ල හංදිය දක්වා ගමන් කර කනම්පැල්ල හංදියෙන් දකුණට හැරී කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ කඩුගොඩ හංදිය දක්වා ගමන් කර, නැවත එම මාර්ගය ඔස්සේ විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33