අද ජනපති අනුර, තැන් දෙකකදී ජන රැළි අමතයි

ආණ්ඩුවට වසර දෙකයි – රටට සුබයි යන තේමාව යටතේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ජන රැළි දෙකක් අද (20) පැවැත්වීමට නියමිතයි.

අකුරැස්සේ දී සහ වැලිගම දී, මෙම ජන රැළි දෙක අද දිනයේ දී පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

අකුරැස්සේ පැවැත්වෙන ජන රැළිය පස්වරු 2.30ට ආරම්භ වන අතර, වැලිගම ජන රැළි පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.