ලක්විජය විදුලි බලාගාරයේ අංක 02 ජනන යන්ත්රය අද (22) දින සිට මෙගාවොටි 270ක පුර්ණ ජනන ධාරිතාවට ළගාවීමත් සමඟ, අද දිනයේ සිට විදුලි ඉල්ලුම් කළමනාකරණ ක්රියාමාර්ග ගැනීමේ අවශ්යතාවක් නොමැති බව ජාතික පද්ධති ක්රියාකරු සමාගම තහවුරු කර තිබෙනවා.
පසුගිය 19 වැනිදා සිට ඊයේ (21) දිනය දක්වා විදුලි ඉල්ලුම් කළමනාකරණ ක්රියාමාර්ග ක්රියාත්මක කළ කාලය තුළ පාරිභෝගික ජනතාව දැක් වූ සහයෝගය වෙනුවෙන් ජාතික පද්ධති ක්රියාකරු සමාගම සිය ස්තූතිය පළ කරන බව එම සමගම නිවේදනයේ කරනවා.
එමෙන්ම එම කාලය තුළ සිදු වූ අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන බවත් සමගම සඳහන් කර තිබෙනවා.
