අද ඇරඹෙන ෂැංහයි සහයෝගීතා සමුළුව

පසුගිය දශක දෙකක කාලය තුළ ෂැංහයි සහයෝගීතා සංවිධානයේ (SCO) ක්‍රියාකාරකම් සමාලෝචනය කිරීමේ අරමුණ ඇතිව ලෝක නායකයින් කසකස්තානයේ අස්තානා හි දී හමු වනවා.

මෙවර පැවැත්වෙන්නේ SCO රාජ්‍ය නායක සමුළුවේ 24 වැනි අදියරයි.

මෙවර සමුළුවේ දී ඉන්දියාවේ ප්‍රමුඛතාවයන් හැඩගැසී ඇත්තේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ‘SECURE’ SCO හි දැක්ම අනුව බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

“SECURE යන්නෙන් අදහස් කරන්නේ ආරක්‍ෂාව, ආර්ථික සහයෝගීතාව, සම්බන්ධතාවය, එකමුතුකම, ස්වෛරීභාව සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීම සහ පාරිසරික ආරක්ෂාව” යන්නයි.

මෙවර සමුුළුවේ දී ෂැංහයි සහයෝගීතා සංවිධානය ඒකාබද්ධ ආයෝජන අරමුදලක් පිහිටුවීමට යෝජනා කර තිබෙනවා.

2020-2021 COVID-19 වසංගතය අතරතුර, වුව ද SCO සමුළුව පැවැත්වීම විශේෂත්වයක්.

ෂැංහයි සහයෝගීතා සංවිධානය (SCO) යනු ස්ථිර අන්තර් රාජ්‍ය ජාත්‍යන්තර සංවිධානයක්.

SCO හි ප්‍රධාන අරමුණු වන්නේ දේශපාලනය, වෙළෙඳ සහ ආර්ථිකය, විද්‍යාව සහ තාක්ෂණය, සංස්කෘතිය මෙන්ම අධ්‍යාපනය, බලශක්තිය, ප්‍රවාහනය, සංචාරක, පාරිසරික ආරක්ෂාව සහ අනෙකුත් ක්ෂේත්‍රවල ඵලදායී සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, සාමාජික රටවල් අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ යහපත් අසල්වැසි සබඳතා ශක්තිමත් කිරීමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51