අදානිට ශ්‍රී ලංකාවේ සුළං බලාගාර ඉදි කිරීමට අවසර

මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපිත කිරීමට ඉන්දියාවේ අදානි සමාගමට අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ, ආයෝජන මණ්ඩලය විසින්.

ඒ අනුව ඉන්දියාවේ අදානී සමාගම මන්නාරම සහ පුනරින් යන ප්‍රදේශවල මෙම සුළං විදුලිබලාගාර දෙක ස්ථාපිත කරනු ඇති.

එමඟින් මෙගාවොට් 500ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘති දෙක අමෙරිකානු ඩොලර් මිලියන 442ක ආයෝජනයක්.

යෝජිත පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිවල ඉදිකිරීම් ලබන වසරේ දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය පිළිබඳ සහ එහි මෙතෙක් ප්‍රගතිය පිළිබඳ අදානි සමූහයේ නිලධාරීන් සහ විදුලිබල අමාත්‍යංශයේ, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ද ඊයේ පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?