spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අතුරුදන් වූ පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි – කටට ප්ලාස්ටර් ගසා වසා දමලා

ඊයේ (13) දහවල් කෑගල්ල, වරකාපොළ, තුල්හිරිය ප්‍රදේශයේ මාඔය ඉවුරේ තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාගේ මුඛයට ප්ලාස්ටර් අලවා දැඩිව ආවරණය කර තිබුණු බව මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

පොලිස් පරික්ෂණවලදී මිය ගිය පුද්ගලයාගේ සිරුර අසළ වැටි තිබූ මිය ගිය පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත සොයාගෙන තිබුණු අතර පොලීසිය ඒ ඔස්සේ විමර්ශන සිදුකොට තිබුණා.

එහිදී අනාවරණය වී තිබුණේ මිය ගිය පුද්ගලයා පසුගිය 10 වැනිදා අතුරුදන් වී ඇති බවට මිය ගිය පුද්ගලයාගේ බිරිඳ විසින් පන්නල පොලීසියට පැමිණිල්ලක් දමා ඇති බවයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය විසින් අතුරුදන් වූ පුද්ගලයාගේ බිරිඳ සම්බන්ධ කරගෙන සිරුර හඳුනා ගැනීමට සමත්ව තිබුණා.

මෙලෙස මිය ගොස් තිබුණේ අරත්තන, උඩුගම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරික්ෂණ සිදුවෙනවා.

අදාළ සිදුවීමේ වීඩියෝ දර්ශනය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?