අති සුඛෝපභෝගී ජීප් රථ දෙකේ ඇත්ත කතාව

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රවාහනය කෙරෙන අතිසුඛෝපභෝගී ක්‍රයිස්ලර් එස්කලාර්ඩේ ජීප් රථ දෙකක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වනවා.

එම වාහන දෙක ප්‍රවාහනය කෙරෙන ආකාරය වීඩියෝගත කරනුයේ ඊට පසු පසින් ගමන් ගන්නා තවත් වහනයක සිටිනා පුද්ගලයෙක්.

එමෙන්ම ඔහු එම රූගත කිරීම සිදු කරන අවස්ථාවේ මෙම රථවාහන මෙරටට ගෙන ආ ආකාරය සහ මේ වන විට රථ වාහන ආනයනයට තහනමක් පනවා ඇති මොහොතක මෙලෙස රථ වාහන ලංකාවට පැමිණෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද ප්‍රශ්න කිරීමක් සිදු කරනවා.

අප මේ කාරණය සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් සිදු කළා.

එම සොයා බැලීමේ දී අපට දැන ගන්නට ලැබුණේ, අදාළ අති සුඛෝපභෝගී ජීප් රථ දෙක ම ඇමරිකාවේ සිට මෙරටට ආනයනය කර ඒවා බව යි.

එමෙන්ම එම රථවල මෙහි දී යම් යම් නිෂ්පාදන වෙනස්කම් සිදු කර ඒවා නැවත ඔස්ට්‍රෙලියාව වෙත ප්‍රතිඅපනයනය කරනු ලබනවා.

මෙලෙස වමෙන් ධාවනය කරනු ලබන ඇමෙරිකානු අති සුඛෝපභෝගී රථ වාහන වන ක්‍රයිස්ලර්, කැඩිලැක්, ජී.එම්.සී ආදී සුපිරි පැලැන්තියේ වාහන එරට සිට ශ්‍රී ලංකාවට ආනයනය කර මෙහි දී ඔස්ට්‍රෙලියානු මාර්ග රථ වාහන නීති රීතිවලට අනුකූල වන සේ දකුණෙන් ධාවනය කළ හැකි වන පරිදි නවීකරණය කොට නැවත එම මෝටර් රථ ඔස්ට්‍රෙලියාව වෙත ප්‍රතිඅපනයනය කරනු ලබන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනවා.

මෙම එකලස් කිරීම සිදු කෙරෙන්නේ, කඩුවෙල ප්‍රදේශයේ ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන අතිනවීන කර්මාන්ත ශාලාවක් තුළ යි.

අදාල සුඛෝපභෝගී ජීප් රථ දෙක ද එලෙස නවීකරණය කිරීමෙන් අනතුරු ව ප්‍රතිඅපනයනය සඳහා නැවත රැගෙන යන අතරවාරයේදී යි මෙලෙස ඒ පසුපසින් ගමන් ගත් තවත් වාහනයක සිටි පුද්ගලයකු විසින් අදාළ වීඩියෝගත කිරීම සිදු කර ඇත්තේ.

සමාජ මාධ්‍යයේ හුවමාරු වු විඩියෝව

https://www.youtube.com/watch?v=NHeMOTdke_k&t=6s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02