අතිරේක ප්‍රතිපාදන වෙන් කරන පරිපූරක ඇස්තමේන්තුවකට අනුමැතිය

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සහ සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට අතිරේක ප්‍රතිපාදන වෙන්කිරීමට අවශ්‍ය පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ මුදල් කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමතිය හිමි වී තිබෙනවා.

මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ද හිමිවී ඇති අතර මේ මගින් රුපියල් බිලියන 231.5ක් වෙන්කරගැනීමට අපේක්ෂිතයි. මෙම මුදල් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් ලබාගත් ණය පියවීමට මෙම ආයතන දෙක භාවිත කරන බව මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ. මේ අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාව මෙම මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාගත් ණය පියවීමටත් මහා භාණ්ඩාගාරය ඉන්දියානු ණය සහනාධාරය යටතේ ලබාගත් ණය පියවීමටත් භාවිත කරන බව නිලධාරීන් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අනුමතිය හිමි වුයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙම ලබාගන්නා මුදලෙන් රුපියල් බිලියන 129ක් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ලබාගන්නා බවත් ඉතිරි බිලියන 102ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ලබාගන්නා බවත් මෙහිදී සඳහන් වුණා. එසේම ශ්‍රී ලංකා ගුවන් සේවය මේ වන විට ඩොලර් බිලියන 1ක පාඩුවක් ඇති බවත් මෙම අතිරේකය ප්‍රමාණවත් වන්නේ මුළු ණය ප්‍රමාණයෙන් 30%ක් සඳහා පමණක් බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.

එසේම මෙම පරිපූරක ඇස්තමේන්තු මුදල ලැබීමෙන් පසුව ද ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 300ක් 400ක් පමණ වන බවයි මෙහිදී නිලධාරීන් සඳහන් කළේ.

තවද මූල්‍ය ප්‍රකාශන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාදවීම පිළිබඳවද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. විශේෂයෙන්ම 2021-2022 සහ 2022-2023 විගණන වාර්තා නියමිත කාලසීමාව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ. එසේම මූල්‍ය ප්‍රකාශන වාර්තා තවමත් ඉදිරිපත් කර නොමැති අනෙකුත් රාජ්‍ය ආයතන පිළිබඳ පරීක්ෂා කරන ලෙසද මෙහිදී කමිටුව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන්ද මෙහිදී සාච්ඡා වූ අතර වර්තමානයේ වර්ෂාපතනය වැඩි ලෙස ලැබෙන බැවින් ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනයේදී ජල විදුලිය වැඩි ලෙස නිෂ්පාදනය කිරීමේ වාසිය ජනතාවට ලැබෙන බවයි මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ. එසේම පිරිවැයට සාපේක්ෂ මිල කරණය පිළිබඳවද මාස 3 කට බලපාන පරිදි ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳවද මෙහිදී කමිටුවේ ප්‍රසාදය හිමි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩුවට දුම් විසිවෙන්න දෙද්දි විපක්ෂයේ සෙට් එකට හිනා - ඊබ්‍රාහිම් ඔයා වෙනුවෙන් කළේ මොනවද ?
11:03
Video thumbnail
ඇයි ඇයි උඹලා චණ්ඩි ද.. දාපන් මේක
01:01
Video thumbnail
ටිපර් රථයේ එකපාරටම බ්‍රේක් වැඩ කරන්නේ නැතුව ගිහින්
00:42
Video thumbnail
හේමරතන හිමිගේ සිද්ධිය වුණත්, ආණ්ඩුව චූදිතයින් ආරක්ෂා කරන්නේ නෑ - පොලිසිය හරියට වැඩ කළාද ?
05:46
Video thumbnail
තව මාස 3කින් අරගලයක් එයි
01:12
Video thumbnail
වැල්ලවත්තේ කොටියා පලයන්
01:40
Video thumbnail
සාලේට අපි කිසිම අසාධාරණයක් කරලා නෑ
10:22
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි - උණුසුම් තත්ත්වයක්.."කොටි සමරනකොට තෝ කොහෙද හිටියේ ?"
01:55