අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි, අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
ඊට අදාළ විවාදය උදෑසන 10.30ට ආරම්භ වන අතර, පස්වරු 4.30ට ඒ පිළිබඳ ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇති. කෙසේ වෙතත්, එම රෙගුලාසිවලට එරෙහි ව ඡන්දය භාවිත කිරීමට ජාතික ජනබලවේගය සහ සමඟි ජන බලවේගය තීරණය කර තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ සමඟි ජන බලවේගය ද පසුගිය දා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසිවලට එරෙහි ව ඡන්දය ප්‍රකාශ කරන බව යි. දෙමළ ජාතික සන්ධානය ඡන්ද විමසීමේ දී ගනු ලබන තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, අද දිනයේ රැස් වී ඒ සම්බන්ධයෙන් තීරණය කරන බව යි එම සන්ධානය නියෝජනය කරන ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර, පාරිභෝගික අධිකාරිය විසින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන්ට එරෙහි ව පනවා ඇති දඩ මුදල සංශෝධනයට අදාළ යෝජනාව ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ගෙන් මෙතෙක් අය කළ රුපියල් 1000ක් ව තිබූ දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කෙරුණු අතර, ඊට ගැලපෙන පරිදි සෙසු දඩ මුදල් ඉහළ නංවමින් පසුගියදා ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා.එමෙන්ම, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කොරෝනා පරීක්ෂාවක් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. ඊට පාර්ලිමේන්තු සේවකයින්ට සහ පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කරන මාධ්‍යවේදීන්ට ද සහභාගි විය හැකි බවයි පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ.














ඇත්තටම හොද වැඩක්
කැකිල්ලේ තීන්දු, හාල් මෝල් කාරයෝ මිල වැඩි කරනවා , හාල් විකුණන කඩ කාරයාට දඩ ගහනවා. සිනි කොම්පැනි කාරයා සිනි හංගලා මිල වැඩි කරනවා , තොග මිල රුපියල් 205/210 , නමුත් 220 ට විකුණන පොඩි මිනිහට දඩ ගහනවා. හංගපු සිනි සොයා ගන්නවා , කොම්පැනි කාරයාගෙන් සල්ලි වලට අරන් 89 ට තිබ්බ සිනි දැන් 130 ට ආණ්ඩුවෙන් විකුනනවා. එත් පොඩි කඩ කාරයා 205 ට ගත්තු සිනි තොග දැන් විකුණන්න ඕනේ 130 ට නැතිනම් දඩ ගහනවා. ආණ්ඩුවේ අම්බට්ටයෝ කියනවා කොම්පැනි කාරයන්ට පාඩු කරන්න බැරි ලු එයාලා බේරා ගන්න ඕනෙලු. නමුත් පොඩි කඩ කාරයාට හා පාරිභෝගිකයාට හෙන ගැහුවත් ආණ්ඩුවේ ඉන්න පරයන්ට වැඩක් නැහැ, උන්ට ඕනේ උන්ගේ යාළුවො රැකගෙන සාක්කුව පුරෝ ගන්න විතරයි. සිනි තොග සගවා තබා සිටිය නම් ඒවා රාජ සන්තක නම් , ඒවා මිලට ගන්නේ මොකටද කොම්පැනි කාරයන්ගෙන්? රාජසන්තක කරපු සිනි හා හාල් තොග නිෂ්පාදන මිලට හෝ ආනයන මිලට ජනතාවට දීලා ඒ මුදල රජයේ භාණ්ඩාගාරයට යවන්න ඕනේ. දැන් හාල් මිල 100% වැඩි වෙලා කොච්චර කල් ජනතාව වැඩි මිලට හාල් ගත්තද, සිනි ගත්තද ඒවා ජනතාවට දෙනවද? එදා වේල කන්න බැරිව දුක් විදින ජනතාවට වුනු පාඩුව කවුද දරන්නේ? ඒවා ගැන මේ පරයන්ට ගානක්වත් නැහැ. පිරමිඩ් ආයතනය මීට පෙර විෂ පොල් තෙල් ප්‍රශ්නයට මැදි වුනා , දැන් සීනි ප්‍රශ්නයක් , මේ ආයතනය දිගින් දිගටම වැරදි කරනවා . නමුත් ආණ්ඩුව කරන්නේ මොකද්ද උන්ව රකිනවා. ඒ ප්‍රශ්නය නිසාම 260 තිබුණු පොල් තෙල් බෝතලය තවම රුපියල් 450 පහලට් මිල බැස්සේ නැහැ . ආණ්ඩුව මොකද කරේ ? කරපු කිසි දෙයක් නැහැ. ජනතාව වැඩි මිලට බදු ගන්නවා. හොර තක්කඩි බිස්නස් කාරයෝ තර වෙනවා. රටේ පාලකයාට කොන්ද පැන තියෙනවනම් ඔය ආයත සියල්ල සිල් තියලා ජනසතු කල යුතුය. සියලුම හාල් මෝල් රජයට පවරාගෙන වී අලෙවි මණ්ඩලය යටතේ සහල් නිපදව බෙදා හරිය යුතුය. ඒ වගේම සිනි , පොල්තෙල් වැනි සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය රාජ්‍ය යටතට ගෙන වැරදි කල ආයතන රාජසන්තක කොට ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කොට දඩුවම් ලබා දිය යුතුය. එහෙම නොකොට උන්ව නවවනවා. ආණ්ඩුවක් පත් කරන්නේ මිලියන 22 ක් පමණ වන ජනතා සුභ සිද්ධිය උදෙසා මිස 10-15 පමණ හොර තක්කඩි ව්‍යාපාරිකයන් රකින්න නොවේ. කරන වැරදි වලට ඒ ව්‍යාපාර වැහිලා ගියාට එයින් මිලියන් 22 ජනයාට සෙත සැලසෙනවා. ආණ්ඩුව හොඳින් මතක තබා ගත යුත්තේ තමන් පත් කරේ රටේ ජනයා රකින්නැ මිස කළු කඩ කොම්පැනි කාරයෝ රකින්න නොවන වග