spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට මුදල් අමාත්‍යාංශයේ සම්පූර්ණ සහාය

අත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව ගෙන්වීමට මුදල් අමාත්‍යාංශයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් 2022 අය වැයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන වලින්, විවිධ වැය ශීර්ෂ සඳහා වෙන් කළ නමුත් මෙතෙක් වියදම් නොකළ ප්‍රතිපාදන, මෙම අවස්ථාවේ දී ප්‍රයෝජනයට ගනිමින් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම කඩිනමින් මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බව ද ඔහු ප්‍රකාශ කළා.

වැඩ බලන මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (22) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

වැඩ බලන භාණ්ඩාගාර ලේකම් ඇතුළු මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?