අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට මුදල් අමාත්‍යාංශයේ සම්පූර්ණ සහාය

අත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව ගෙන්වීමට මුදල් අමාත්‍යාංශයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් 2022 අය වැයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන වලින්, විවිධ වැය ශීර්ෂ සඳහා වෙන් කළ නමුත් මෙතෙක් වියදම් නොකළ ප්‍රතිපාදන, මෙම අවස්ථාවේ දී ප්‍රයෝජනයට ගනිමින් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම කඩිනමින් මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බව ද ඔහු ප්‍රකාශ කළා.

වැඩ බලන මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (22) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

වැඩ බලන භාණ්ඩාගාර ලේකම් ඇතුළු මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
යුද්ධයට අණදුන් හමුදාපතිවරු රණවිරු සැමරුමට ආ හැටි
01:44
Video thumbnail
විමල්ට මල් තියන්න නොදුන් රජය ත්‍රස්තවාදීන් සමරන්න දුන්නා..තවත් ප්‍රභා කෙනෙක් ජනිත වීම වළක්වන්න බෑ
06:56
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:04:28
Video thumbnail
නාමල්ව ම##න මට පුළුවන් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
01:37
Video thumbnail
උසාවියට ආ චාමර සම්පත් කිව්ව දේ.."ඔයාගේ රස්සාව අපෙත් මේක රස්සාව තමයි..රණවිරු සැමරුමට අපිට කියලා නෑනේ"
01:27
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04