අණ නොතකා ගිය ත්‍රිරෝද රථය පසුපස පැන්නූ පොලිස් නිලධාරීන් දෙදෙනා අනතුරකින් රෝහලේ

පොලිස් අණ නොතකා ධාවනය කළ ධා ත්‍රිරෝද රථයක් පසුපස හඹා ගිය පොලිස් යතුරුපැදියක් අනතුරට ලක්ව පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (06) රාත්‍රියේ පුත්තලම – කුරුණෑගල මාර්ගයේ කල්අඩිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ පුත්තලම පොලීසියේ රථ වාහන අංශයට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරු දෙදෙනෙක්.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ (06) රාත්‍රියේ පුත්තලම – කුරුණෑගල මාර්ගයේ කල්අඩිය ප්‍රදේශයේ රථවාහන
පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිට තිබෙනවා.

එම අවස්ථාවේ දී කුරුණෑගල දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් නවත්වන ලෙස පොලිස් නිලධාරීන් අණ කර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් එම අණ නොතකා අදාළ ත්‍රිරෝද රථය ධවනය කර ඇති අතර, එලෙස ධාවනය කළ ත්‍රිරෝද රථය අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනා ඒ පසුපස හඹා ගොස් ඇති අතර, එම අවස්ථාවේ යතුරුපැදිය ත්‍රිරෝද රථයේ පැටලී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකට ඩොලර් මිලියන 10ක් අහිමි වෙනවා
03:05
Video thumbnail
රෑට රෑට ගෙවල්වලට පනින හොරෙක් නිසා ගමක් බියෙන්
01:09
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා ජගත්ට යකා නගියි..ගල් අඟුරු ප්‍රශ්නය මේකෙන් යට ය‍යිද ?
01:47
Video thumbnail
කාන්තාවකට දිවි අහිමි කරලා පළා යමින් සිටි යතුරුපැදිකරු අනතුරකින් රෝහලට
03:21
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45
Video thumbnail
අපිට අත තිබ්බොත් ආණ්ඩුවට අඳුරුතම පැය 72කට මුහුණ දෙන්න වෙයි
02:49
Video thumbnail
අපි කියන්න ඕන දේ විපක්ෂය අපිට කියලා දෙන්න ඕනේ නෑ
14:44
Video thumbnail
පෝළිම් හදලා ආණ්ඩුව පෙරළන්න ඕනි නෑ..බොරුවෙන්ම ගෙදර යයි
04:27
Video thumbnail
විදේශීය තැපැල් කටයුතු ඇණහිටියි ? තැපැල්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:40
Video thumbnail
මැද පෙරදිග යුද්දය අස්සේ සංජීව මහින්ද ගැන කළ ප්‍රබල හෙළිදරව්ව..මේක පුදුම විකාර ලෝකයක්නේ
05:40