අග්බෝ ඇතාගේ වම් පාදයේ මූනිස්සම ඇති ස්ථානය විශේෂ පරීක්ෂාවකට

අග්බෝ ඇතාගේ වම් පාදයේ මූනිස්සම ඇති ස්ථානය නිශ්චිතව හඳුනා ගැනීමට පශු වෛද්‍යවරුන් විශේෂ පරීක්ෂාවක් සිදු කර තිබෙනවා

අද (17) දිනයේ ද වම් පාදය විශේෂ පරීක්ෂාවකට ලක් කරන බවයි පශු වෛද්‍ය තාරක ප්‍රසාද් පැවසුවේ.ඇතාගේ වම් පාදයේ මැණික් කටුව ප්‍රදේශයේ පවතින තුවාලය මෙතෙක් සුව අතට හැරී නොමැත. අද සිදු කෙරෙන විශේෂ පරීක්ෂාවත් සමඟ මූනිස්සමේ පිහිටීම හා එය පවතින ස්ථානය නිශ්චිතව හඳුනා ගැනීමට නියමිතයි.

අග්බෝ ඇතාගේ හැසිරීම පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ නිරීක්ෂණයක් ඊයේ පස්වරුවේ සිදු කෙරුණා.

බදින තුවක්කුවක් පත්තුවීමෙන් අග්බෝ ඇතාගේ වම් පාදය තුවාල වී මේ වන විට මාස තුනකට වැඩි කාලයක් ගත වී තිබෙනවා.

  1. MASA 3K GIHIN NAM AYE EYAWA BERA GANNA BAHE. METHEK PRATHIKARA KALA KISIMA ALIYEK ATHEK BERA GANNA BERI WELA THIYENAWA. EYALAGE SWABHAWAYENMA ANGE THEL SAHA MEDHA WATHURA WADHIYI. EHATHAKOTA PODI THUWALAYAK UNATH ODU DUWANAWA WEDI KALAYAK YANNA KALIN. TV EKE MAMA DAKKA ME SATHA HITAGENA INNAWA KATTIYATA ONA DEYAK KARANNA DEELA. EHEMA INNE EYATA KARANNA KISIMA DEYAK ITHIRIWELA NATHI NISA. WAL ALIYEKUTA EHEMA KITTU WENNA HAKI DHA? BAHANE.