අගමැතිවරිය හෙට මල්වානේ ගෙදර කඳවුරු බැන්ද අන්තරේ හමුවීමට සූදානමින්

දොම්පේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය භාරයේ පවතින, මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් දින කිහිපයක් තිස්සේ රැඳී සිටීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ අවධානය යොමුව තිබෙනවා .

එම ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් පිළිබඳ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡාවක් හෙට (18) අග්‍රාමාත්‍යවරිය ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡාවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරන බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted