අක්මීමණ පොලිස් වෙඩි තැබීමේ සිද්ධියට ප්‍රදේශවාසීන් මහ පාරට

අක්මීමණ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් ඊයේ (10) රාත්‍රියේ තරුණයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමට විරෝධය පළ කරමින් ගම්වාසීන් අද (11) සවස විරෝධතාවක් පවත්වනු ලැබුවා.

ගාල්ල – අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ පිලාන, තක්ෂිලා මන්සන්ධියේ දී මෙම විරෝධතාව පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ තරුණයාගේ පවුලේ ඥාතින්, භික්ෂුන් වහන්සේලා කිහිප නමක්ද ඇතුළු ගම්වාසින් පිරිසක් මෙම විරෝධතාව සඳහා එක්ව සිටියා.

විරෝධතාකරුවන් විසින් පැය 02කට අධික කාලයක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදී සිටි අතර, පසුව එම ස්ථානයට ගාල්ල පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිසක් පැමිණ විරෝධතාවයේ නිරතව සිටි පිරිසට සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භකර ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි නෙළුව සහ හිනිඳුම පොලිස් ස්ථානයන් වෙත ස්ථාන මාරුකර ඇති බවත් උසස් පොලිස් නිලධාරීන් එහිදී සඳහන් කර සිටියා.

නිලධාරීන් යම් වරදක් කර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වන්නේ නම් ඒ සඳහා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන බව ද එහිදි ඥාතීන් හමුවේ පැවසුවා.

ඉන් අනතුරුව විරෝධතාකරුවන් විරෝධතාව අවසන් කර මාර්ගයේ රථවාහන ගමනා ගමනයට ඉඩ ලබාදුන්නා.

ඊයේ (10) රාත්‍රී ජංගම මුර සංචාරයක යෙදී සිටි අක්මීමණ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක් අසල සිටි පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේ දී එක් පුද්ගලයෙකු පොලීසිය දෙසට අත්බෝම්බයක් විසි කිරීමට උත්සාහ කර තිබූ බවයි වාර්තා වුණේ.

එහිදි පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් එම පුද්ගලයා තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

පසුව අනෙක් සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර, අනතුරුව සැකකරුවන් දෙදෙනාම ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38