AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී පාදෙට බාර් එකක් ඇරේ ?

නල්ලතන්නිය ශ්‍රී පාද බෞද්ධ මධ්‍යස්ථානයට ඉතා ආසන්න සංචාරක හෝටලයකට 2024-2025 වර්ෂය සඳහා මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීමට විරෝධතා දක්වන ලෙසට නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ප්‍රදර්ශනය කිරීමට 320/බි සීතගගුල වසමේ ග්‍රාමසේවා
නිලධාරිනියට ලබාදුන් දැන්වීම එම කාර්යාලයේ හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශනය නොකළ බවට නල්ලතන්නිය ප්‍රදේශවාසින් චෝදනා කරනවා.

ග්‍රාමසේවා නිලධාරිනිය එම සංචාරක හෝටලයේ අයිතිකරුගේ හිතවතියක් බවත්, ඒ අනුව ඇය විසින් එම දැන්වීම ප්‍රදර්ශනය නොකළ බවත්, නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල මත්පැන් අලෙවිසැලක් විවෘත කි‍රීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ
බවට නල්ලතන්නිය පොලිසියට දැනුම් දුන් බවයි සීත ගගුල ග්‍රාමසේවා වසමේ පදිංචිකරුවන් කියා සිටියේ.

ග්‍රාමසේවා නිලධාරිනිය විසින් එම දැන්වීම ප්‍රදර්ශනය නොකළ ද තමන් දන්නා අයුරින් නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම්වරයාට විරෝධතා දක්වා ලිපි යොමු කර ඇති බව පවසන නල්ලතන්නිය ප්‍රදේශවාසීන් කියා සිටින්නේ අදාළ ග්‍රාමසේවා නිලධාරිනිය
නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීමට මහජන විරෝධයක් නොමැති බවට නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර ඇති බවයි.

සීතගගුල ග්‍රාමසේවා වසමේ පදිංචිකරුවන් විසින් ග්‍රාමසේවා නිලධාරිනියට නගන චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීමට ඇයගේ ජංගම දුරකථනයට අවස්ථා කිහිපයක දී ඇමතුම් ලබාගත් නමුත් දුරකථනය ක්‍රියා විරහිත කර තිබූ නිසා අප ඒ සම්බන්ධයෙන් නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් කළ විමසුමකට ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීම සම්බන්ධයෙන් විරෝධතා කිහිපයක් තමන් වෙත ලැබී තිබුණු බවත්, එම විරෝධතා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත යොමු කළ බවයි.

ඉදිරිපත් වි ඇති විරෝධතා සම්බන්ධයෙන් පරික්ෂා කර බලා අවසන් තීරණයක් ගැනීමේ පුර්ණ බලය ඇත්තේ සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට බවයි ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
21
+1
45
+1
5
+1
19
+1
8
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2025 අයවැය පාර්ලිමේන්තු විවාදය දෙවැනි දිනය සජීවීව
45:51
Video thumbnail
2025 අයවැය පාර්ලිමේන්තු විවාදය දෙවැනි දිනය සජීවීව
22:11
Video thumbnail
2025 අයවැය පාර්ලිමේන්තු විවාදය දෙවැනි දිනය සජීවීව
40:31
Video thumbnail
පොලිසිය මහ රෑ හදිසියේ මාධ්‍ය කැඳවා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
04:46
Video thumbnail
ජාතික ආරක්ෂාව ගැන ගෝඨාභය රාජපක්ෂ නව පංති අරඹයි
06:10
Video thumbnail
නීතිඥ සංගමයට නව සභාපතිවරයෙක් - අලුත් සභාපති කියපු දැනෙන කතාව මෙන්න
06:39
Video thumbnail
මහජන ආරක්ෂක ඇමති ඉල්ලා අස්වෙන්න - රාසමානික්කම් ආණ්ඩුවේ රෙදි ටික නැති කරයි
10:05
Video thumbnail
පැය 24ක් යන්න කළින් ගනේමුල්ල සංජීවගේ ඝාතකයා අල්ලපු මෙහෙයුම මෙන්න
03:13
Video thumbnail
ගනේමුල්ල සංජීවගේ ඝාතකයා අල්ලපු ආරංචිය පාර්ලිමේන්තුවට ආපු හැටි
07:24
Video thumbnail
2025 අයවැය පාර්ලිමේන්තු විවාදය දෙවැනි දිනය සජීවීව
04:35:37

?