2023ට තැබූ ඇප තැන්පත් ආපසු ගෙවීම ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් (වීඩියෝ)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (2023) වර්ෂයට අදාළ ක්‍රියාවලියේ ඇප තැන්පත් ආපසු ගෙවීම සම්බන්ධයෙන් වන විශේෂ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබුවා.

අද (19) දිනයට ප්‍රකාරව මෙම නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ 2023 වර්ෂයේ දී පැවැත්වීමට නියමිතව තිබී කල් තබන ලද (262 වැනි අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී එකී ආඥා පනතේ 29 වැනි වගන්තිය යටතේ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කරන ලද තැන්පතු පෙබරවාරි මස 17 වැනි දින පාර්ලිමේන්තුවේ සම්මත වූ 2025 අංක 1 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතේ 2 (3) වගන්තිය අනුව එම තැන්පත් සිදු කරනු ලැබූ තැනැත්තා වෙත නිකුත් කරන ලද ලදුපත, එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලැබූ විට එම තැනැත්තා වෙත ආපසු ගෙවිය යුතු යැයි දක්වා තිබෙන බවයි.

ඒ අනුව තැන්පත් කරන ලද ඇප මුදල් ආපසු ගෙවීමට එකී ආඥා පනතේ 29 (3) වන උප වගන්තිය යටතේ ඇප තැන්පත් මුදල් භාරගන්නා අවස්ථාවේ දී ඇප මුදල් තැන්පත් කරන ලද තැනැත්තා වෙත ලබාදෙන ලද ලදුපතෙහි මුල් පිටපත හා ඇප තැන්පත් මුදල් ආපසු ඉල්ලීමේ ලිපියක් සමගින් ඇප මුදල් ගෙවූ අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලය වෙත එළඹෙන 28 වැනි දිනට පෙර භාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා.

එළඹෙන පෙබරවා‍රි 28 වැනි දිනට පෙර භාරදෙනු ලබන ඉල්ලීම් සඳහා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාල මගින් අදාළ තැනැත්තන් වෙත ඇප තැන්පත් මුදල් ආපසු ගෙවීමට නොපමාව කටයුතු කරනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56