ගනේමුල්ල සංජීව ව මැරුවේ දෙහිවල – වටරප්පල වෙඩික්කරු බවට හෙළිවෙයි

අද (19) පෙරවරුවේ කොළඹ – අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ව ඝාතනයට පැමිණි වෙඩික්කරු පසුගියදා දෙහිවල – වටරප්පල ප්‍රදේශයේ දී දෙදෙනකුට වෙඩි තැබූ වෙඩික්කරු බවට හඳුනාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම වෙඩික්කරුට අද දිනයේ දී ගිනි අවිය ලබාදෙමින් සහාය ලබා දුන් කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අයෙක් බවට හෙළි ව ඇති බවයි.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් රටින් පලා යෑම වැළැක්වීමට අවශ්‍ය සියලු ම නීතිමය ක්‍රියාමාර්ග ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මෙන් ම ගුවන් තොටුපොළ වෙත දැනුම්දී අවසන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

අද පෙරවරුවේ ගනේමුල්ල සංජීව නමැති අපරාධකරු නඩු කටයුත්තක් සඳහා ගාල්ල – බූස්සේ බන්ධනාගාරයේ සිට පැමිණියා.

ඒ දැඩි පොලිස් ආරක්ෂාව සහ විශේෂ කාර්‍යය බලකාය මධ්‍යයේයි.

මියගිය චූදිතයාගේ ආරක්ෂාව සඳහා ද පොලිස් නිලධාරීන් 12 දෙනෙකු රඳවා සිට තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14