AFC Banner
AFC Banner
Empty Ad

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු ජිවිතක්ෂයට

මහවිලච්චිය සූරියදමන ප්‍රදේශයේදී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ කිරල්පැටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 54ක පුද්ගලයෙක්.

සූරියදමන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ඉඩමක් ආසන්නයේ දී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.

මියගිය පුද්ගලයා විසින් ගව ගාලක් පවත්වාගෙන යන අතර ජනශූන්‍ය එම ප්‍රදේශයේ වන අලි බහුලව ගැවසීම හේතුවෙන් එම ගව ගාලෙහි ආරක්ෂාව සඳහා ගිනි දැල්වීමට දර සොයා කැලයට ගිය අවස්ථාවේ දී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ප්‍රදේශයේ වන අලි පහරදීමෙන් මෑතකදී සිදු වූ දෙවන පුද්ගල මරණය මෙය බවයි.

ප්‍රදේශයේ ගැවසෙන වන අලි රථ වාහනවලට පහරදීම, පුද්ගලයන් පසුපස හඹා ඒම ආදිය ද නිරන්තරයෙන් සිදුවන බව ජනතාව පෙන්වා දෙනවා.

නිලධාරීන් කොතෙක් සිටිය ද වන අලි පන්නා නොදැමීම හේතුවෙන් මෙවැනි ඛේදවාචකයන් සිදු වන බවටත් එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් චෝදනා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?